🧡" තමුසෙ හිතුවද මට අසහනේ කියලා.. උබලගෙන් උදව් ඉල්ලන්නැ මමනම් .." 😒
හෝසොක් ජන්කුක්ට හැටට හැටේ රවන ගමන් කියද්දි අනික් අයත් හිමීට හිනාවෙන්න ගත්තෙ ජන්කුක්ගෙ ඇදවෙලා ගිය මූන දැකලා..
...............................................................
එතැන් සිට... 🪴
Next day
@Min Industry
So Yeon pov🌷සුපුරුදු පරිදි අදත් මේ අහිම්ශක කෙම්ල ෆයිල් ගොඩකින් වහලා දැම්මා අර මෝඩ දුස්ට පූස්නාම්බා..
දවස් තුනයි ගෙදර හිටියෙ.. ඒ ටිකට තමා මෙච්චර ෆයිල් ගොඩක්..😒" සෝයොනා..අන්න ඔයාට සර් එන්න කිව්වා.."
🌼" ආශ්..මූනම් මැරෙන්නැ.. " 😒
" සර් එක්ක කටගහගෙන යනවා එහෙම නෙවෙයි.. හොදටම තරහ ගිහින් ඉන්නෙ.."
🌼" මං ඕකගෙ යකාට බය නෑ ඔන්නි.."
මං ඔන්නිටත් එහෙම කියාගෙනම ආවෙ පූශ්ගෙ කැබින් එකට..
🐱" Come In.."
දොරට තට්ටු කරන්න අත උස්සන්නත් කලින්ම කැබින් එක ඇතුලෙන් එහෙම කියද්දි මන් ඇතුලට ගිහින් මේසෙ ඉස්සරහින් හිටගත්තෙ එන්න කිව්වෙ ඇයි කියල කියනකම්..
🐱" මොනවද තමුසෙ බලන්නෙ.. ගිහින් මට කොෆි එකක් ගේනවා.."
මූ එහෙම කියල පුටුවෙන් වාඩි වෙද්දි මන් එයා දිහාම බලන් හිටියෙ අමුතු ජීවියෙක් දැකල වගේ..
🌼" මන් වැඩකරන්නෙ cafeteria එකේ නෙවෙයි.."
🐱" ඒ උනාට තමුසෙ මගෙ ප්‍රයිවට් සෙකට්‍රි කියල අමතකද.. "
🌼" ආශ්..මෙහෙමත් වදයක්.." 😒
මන් පූස්නාම්බටත් රවාගෙනම ගිහින් කොෆි එකක් හදන් ඇවිත් දුන්නෙ table එක උඩ තියන ෆයිල් ටික දිහා බලන ගමන්..
YOU ARE READING
𝑴𝒚 𝑷𝒓𝒊𝒏𝒄𝒆 || MYG ✅
Fiksi Penggemar" ඔයා මට කොහොම සැලකුවත් කමක් නැහැ...! ඔයාට මේ හිතේ තියන තැන එහෙම්මමයි..." 🥀 • S̶o̶ Y̶e̶o̶n̶ • ______________________________ " මට සමාවෙන්න... ආයෙ මන් ලගට ඉන්න තැනකින් එන්න මගෙ මැණික... පොරොන්දු වෙනවා මන් ඔයාව පරිස්සමට බලාගන්නවා කියලා... "...