🇧 i🇿 🇵ʀᴏᴘᴏsᴀʟ | 🍑🎁
Ep:05_Friends❝ Be My Friend..?? ❞
Okay...❝ Be Mine..?? 💐 ❞
I will...❤️❝ ඔයාම නෙවෙයිද
ආදරේ කරමු කිව්වෙ ම්ම්..
එහෙනම් මොකද මේ
වෙනස් වෙලා!!
එපාද මාව ම්ම්..??
එපාද බලෙන්ම ඔයා වෙනුවෙන්ම
වෙනස් කර ගත්ත
මේ පිරිමි හදවතේ ගැහෙන ප්‍රේමය..?? ❞
U drive me crazy..
<<<itzjjk>>>ට
ේටවත් දැනුම් නොදී පළවෙනි පාරට ටේගෙ ඔෆිස් එකට කඩා පැනපු ජංග්කුක් ටික වෙලාවක් ඔහේ කතා කර කර ඉදියත් ටේගෙ මූණෙ වෙනසක් දැක්කා..
අද වෙනද වගේ නෙවෙයි.. තමන් දිහා බලන්නෙවත් නෑ.. ඒ මදිවට සැරින් සැරේට තමන් හිනා වෙනකොට පවා තදින් ඇස් පියාගෙන දත් මිටි කනවා..
' එයාට.. හි..හියොන්ග්ට මාව වදයක්ද..?? ම..මං ආව එක..?? '
" හියොන්ග්~ ආය ඔයා කේන්තියෙන්ද..?? "
" නෑ නෑ ජංග්කූ.. අර ගෑනි එක්ක මට එන තරහා පාලනේ කරන්න බෑ බන්!! "
" කෝ කවුද..?? "
ටේ එකපාරට කියපු දේට පුදුම උන ජංග්කුක් වටපිට බැලුවෙ ටේ කියන ගෑනි හොයන්න.. අවතාරයක්ද..?? ජංග්කුක්ට පේන්නෙ නෑනෙ..
" මගේ සෙකට්‍රි! "
" ඒ මොකෝ.. එයාගෙ වැඩ හරි නැද්ද..?? "
" නෑ! ඒව හොදයි ඒත් හැසිරීම.. ඔයාට තේරෙනවනෙ.. "
" ඔහ්හ්~~ වෙලාවට මේකෙ බොස් ඔයා උනේ.. මන් උනානම් දෙතුන් පාරක් ඕකි ප්‍රෙග්නට් වෙලා.."
ජංග්කුක් ආඩම්බරෙන් කියන ගමන් පුටුවට හේත්තු උනාම ටේගෙ රතු උන ඇස් ජංග්කුක්ට යොමු උනා..
ඔහ්..~ ජංග්කුක් දැන් බය වෙන්න ඕනිද..??
" යාහ්හ්හ්හ් ජොන් ජංග්කුක්ක්ක්ක්!!!! "
" නෝ!!!! කිම්.ජංග්කුක්ක්ක්ක්!!! "
" ඇයි ඒ.. ඔයා ආස කිම් කියන surname එකට..?? "
" මොකද කිම් කෙනෙක් තමා මට කියා දුන්නෙ සතුටින් ජීවත් වෙන්නෙ කොහොමද කියල! තව කෙනෙක් ගැන හිතන විදිය.. කිම්ලා බිස්නස් වලට වඩා දෙයක් දන්නව! තව මට සහෝදරෙකුත් දුන්නෙ කිම්ලා !! ඒ මදිද..?? "