🇧 i🇿 🇵ʀᴏᴘᴏsᴀʟ | 🍑🎁
Ep:09_Friends❝ Be My Friend..?? ❞
Okay...❝ Be Mine..?? 💐 ❞
I will...❤️❝ ඔයාම නෙවෙයිද
ආදරේ කරමු කිව්වෙ ම්ම්..
එහෙනම් මොකද මේ
වෙනස් වෙලා!!
එපාද මාව ම්ම්..??
එපාද බලෙන්ම ඔයා වෙනුවෙන්ම
වෙනස් කර ගත්ත
මේ පිරිමි හදවතේ ගැහෙන ප්‍රේමය..?? ❞
U drive me crazy..
<<<itzjjk>>>
" මිස්ටර් කිම්.. ගුඩ් මෝනින්.. "
උදේ පාන්දර කවුද door bell එක උඩ නැගගෙන ඉන්නව ඇහුන නිසා ටේ ඉක්මනට දොර ඇරියේ ජංග්කුකා රූම් එකේ තාම ලෑස්ති වෙන නිසා..
ඒත් ඇවිල්ලා ඉන්න කෙනා දැක්කාමනම් ඇස් දෙකත් ලොකු උනා.. මොකද ජංග්කුක් ගෙදර..
" ඔහ්.. මිසිස් හන්.. ඇයි මෙහෙ..?? "
" ඇයි එන්න එපාද ටේයොන්ග්.. "
මිසිස් හන් ඇස් වලින් ඉගි කරමින් කතා කලත් ටේ ඒ බවක් නොදැනුනා සේ අහිංසකව හිනා වුණා..
" එහෙම දෙයක් නෑ මිසිස් හන්.. "
" කෝ අමුත්තෙක් ආවම ගේ ඇතුලට එන්න කියන්නැද්ද ම්ම්.. "
මිසිස් හන් ටේගෙ හැඩි දැඩි සිරුරෙන් වැහිලා තියන ගෙදර ඇතුළ දිහා බලන්න උත්සහා කරන ගමන් අහද්දි ටේ යටිතොල හපාගෙන උඩ තට්ටුව දිහාත් බලලා ආය මිසිස් හන් දිහා බලලා අපහසුවෙන් හිනා වුණා..
හොඳයි.. ටේට ඕනි නෑ තමන්ගෙ මල්ලි ඉස්සරහා ලැජ්ජාවට පත් වෙන්න...
" ඔහ් සොරි. එන්න ඇතුලට.. "
" කොහොමද බිස්නස් ටේ.. ?? "
" කෙරීගෙන යනව මිසිස් හන්.. "
මිසිස් හන් සෝෆා එකෙන් ඉද ගන්න ගමන් අහද්දි ඊට ඉස්සරහෙන් ඉද ගන්න ගමන් ටේ ලාවට හිනා වෙලා උත්තර දුන්නා..
ටේට ඕනි උනා කොහොම හරි මේ ඇණේ මෙතනින් යවන්න.. ටේ හොදටම දන්නව මේ සෙට් වෙන්නෙ ජංග්කුක් මාසයක් විතර බයිට් එකට ගන්න කරුණක් කියලා..
" මේ මැරේජ් එකෙනුත් ගැලවීමක් නෑ වගේ නේද..?? "
මිසිස් හන් ටේ දිහාට බර වෙලා ටේගෙ කලවා මතින් අත තියල අහද්දි කල්පනාවක හිටපු ටේ ගැස්සිලා ගියා..
