12 කොටස

121 15 1
                                    

එහෙම කියපු මන් පිටිපස්ස හැරිලා බලනකොට සනූ සද්දයක්වත් නැතුව ඇවිත් කාමරේ ඉස්සරහට වෙලා ඉන්නව මන් දැක්කා...

"මොකෝ හොරා වගේ ආවේ"

"කාත් එක්කද ඔච්චර කතාව කියල බැලුවේ.."

"ම්ම්ම්...කැතී කියල කෙනෙක්..මගේ ඕසි ෆ්‍රෙන්ඩ් කෙනෙක්...අනේ මන්දා මහ පුදුම කෙල්ලෙක්.."

"ඇයි එහෙම කියන්නෙ..

"නෑ නෑ නිකම් අනේ...."

"හ්ම්ම්...කියන්න අකමැතිනම් කියන්න එපා...
දන්නවද දෙයක්...හෙටට අපි ආදරේ කරන්න අරන් මාසයක්"

"ම්ම්ම්..මට මතකයි...සනූ..."

"ම්ම්ම්..හෙට අපි ඇවිදින්න යන්.."

ඒත් ඉමානි නැන්දා කැමති වෙයිද...

"ඔව් ඔව්..ඔයාගෙ නැන්දම්මා කැමතියි..මන් ඔයාගෙන් අහන්න කලිම් අම්මගෙන් කැමැත්ත අහන් ආවේ...😒"

"යකොව් මේකි..😒"

එහෙම තමා මන්..යන් ඒනම් හෙට..උදේ නවයට මන් එනව.

"හ්ම්ම්..හරි හරි...දැන් වැඩක්ද සුදු නෝනා"

"නැහැ ඇයි"

ඕනනම් ආයම වැඩ අල්ලන්න පුලුවන් ඉතිම් ඒකයි...😁...

"අනේ මේ යනව යන්න ...මන් යනව මට වැඩ තියෙනව$

ඇයි දැන් වැඩක් නෑයි කිව්වෙ මට.ම්.

"මේ දැන් මේ මොහොතේ ඉදන් මට වැඩක් තියෙනව..මන් යනෝ...ගොන් වලහා..."

එහෙම කිව්ව සනූ අඩියට දෙකට දුවල ගියෙ මට එයාව අල්ලගන්නවත් ඉඩ නොතියා...

හෙට දවසේ සනූ එක්ක කොහෙ කොහෙ ඇවිදින්න යනවද කියල ප්ලෑන් කරන ගමන් එහෙමම ඇදට වැටුණ මන් ආයම අවදි උනේ උදේ හතට තිව්ව එලාම් එකේ සද්දෙට...

නැගිට්ට ගමන් ෆෝන් එක අතට ගත්තම විශුගෙනුයි සනූගෙනුයි දෙන්නගෙන්ම මැසෙජ් ඇවිත්...සනූ නම් "ගුඩ් මෝනිම් අද යන්න ලෑස්ති වෙන්න ඔයා මොනාද කන්න කැමති කෑමක් කියන්න අම්මා බත් එකක් බෙදල දෙන්න අහනව "කියල මැසෙජ් එකක් සනූ එවල තිබ්බ අතරේ

විශූනම් උදේ පාන්දරම මට දෙහි කපන්න පටන් අරන් "උබටනම් දැන් අපිව මතක නෑ ගගා " අඩෝවැඩියාවක්ම ටයිප් කොරලා එවලා...ඔය ඔක්කොම අතරේ ඉක්මනට ඇග හෝදන් ඇදුමක් දාගත්ත මන් එලියට බැස්සෙ සනූ හරියටම වෙලාවට ඇවිත් තිව්න නිසා..

𝗙𝗢𝗥𝗘𝗩𝗘𝗥  𝗹𝗼𝘃𝗲 𝗬𝗢𝗨 🙊❤️ [𝘾𝙊𝙈𝙋𝙇𝙀𝙏𝙀𝘿] (G×G)Where stories live. Discover now