29 කොටස

148 11 2
                                    

මෙච්චර වෙලා ඌ කියපු හැම වචනයක්ම අහන් හිටිය මගේ දුක තව වැඩි උනේ මගෙ පුන්චිගේ අලු ටිකවත් මට නැති උන නිසා...මගේ පව්ලේ හැමෝටම සෙත් පතලා පූජාවක් කරන්න ඕන කියල එවෙලෙ මන් හිතුවෙ මට දැන් එයාලා වෙනුවෙන් කරන්න ඉතුරු වෙලා තියෙන්නෙ මේ දේවල් විතරක් නිසා...

සේමසින්හ පව්ලේ දියණිය මළවුන්ගෙන් නැගිටී...

දවස් කීපයක් යනකම් මීඩියාවල ප්‍රධාන ප්‍රවෘත්තිය උනේ ඒක...ප්‍රවෘත්ති වලින්ම හැමදෙයක්ම දැනගත්ත ඉමානි නැන්දයි සනූයි මාව බලන්න ආවේ මට තනිකමක් දැනෙයි කියල හිතලා වෙන්නැති...ඉමානි නැන්දා ආව ගමන් මාව බදාගෙන මට කිව්වෙ

"ඔයාට එක පව්ලක් නැති උනා තමයි පුතේ...ඒත් ඔයාට ආදරේ කරන්න තවත් පව්ලක් දැන් ඉන්නව කියල මතක තියාගන්න"

ඉමානි නැන්දගේ ඒ වචන වගේම සනූගෙ ආදරෙත්,විශූගෙ යාලුකම ,ආකාශ් අයියගෙයි විරාට්ගෙයි හොයා බැලීම මට ලොකූ හයියක් උනා මේ ගෙවන අසීරු කාලෙදි

කළකම් පලදීම කියන්නෙ අතපත්තු බන්ධනාගාර ගත කරලා සතියක් යන්න කලිම් එහි සිටි රැදවියන් කිහිප දෙනෙක් සමග ඇති කරගත්ත කෝලහාලකින් ජීවිතක්ෂයට කියල ප්‍රවෘත්ති යන්න ගත්ත එක..අතපත්තු මැරුණ එකට මිනිස්සුන්ගෙනම් අදහස උනේ...

"ඌ වැනි මෘගයෙකු මෙහි හුස්ම ගැනීම පවා බරක්

ඌ නම් මැරුණ එකම හොදයි

ඌ මීට වඩා විදවලා මැරෙන්න තිබ්බෙ

ඌගෙ ඔලුකට්ට කුඩු කරානම් මට සතුටුයි"

මේ වගේ ගොඩක් අදහස් ගොඩක් අය දක්වද්දි

තවත් අයෙක් ඒකට දිට්ටදම්මවේදනීය කර්ම කියද්දි මටත් හිතුනේ ඒක එහෙම තමයි කියල...

මොන දේ කරත් දැන් මට නැතිවෙච්ච දේ නැති උන කියල හිත හදන් ඉන්නකොට ඊලග ප්‍රවෘත්තිය උනේ මන් හීනෙකින්වත් බලාපොරොත්තු නොවුන දෙයක් ඒ අශ්වින්....

තමා විසින්ම ඔලුවට වෙඩිතබාගෙන සියදිවි නසාගනි...

මන් ඒ දේ අශ්වින්ගෙන් කිසිම විදියකින් බලාපොරොත්තු උන දෙයක් නොවෙද්දි ඒක මට ලොකු ශොක් එකක් උනා...

මන් ආයෙත් මගෙද වැරැද්ද කියල හිතන ගමන් ඉන්නකොට මේනා මාව හම්බෙන්න ඇවිත් මට කිව්වේ ඔයාගෙ වැරැද්දක් නැහැ කියල..මාත් ඒ ගැන තවදුරටත් ඉතින් හිතන්න නොගියේ තේරුමක් නැති නිසා...ගිය දේ ගියා..ආපහු ඒක නවත්තන්න දැන් මට බැරි නිසා.....

මේනා...එයා යන්තන් හොද උනා මට...ඒ වගේම මේනා ආයමත් ගියා කැනඩා..එයාට මෙහෙ ඉන්න උවමනාවක් තිබුනෙම නෑ...මටත් මේ හැමදේම අවසානේ සනු හිටියෙ නැත්නම් මන් දැනටමත් ඕසිවල...ඒත් මන් මට ආදරේ කරන මිනිස්සුන්ගෙන් ඈත්වෙන්න හොද නෑ මොකද...එතකොට දැනෙන පාලුගතිය මාව පණපිටින් මරවන නිසා...

සනූගේ උසස් අධ්‍යාපන වැඩවලට මන් සනූවයි ඉමානි නැන්දවයි චූටිවයි ඕසි යැව්වෙ එයාලත් මේ පුන්චි රටටම හිරවෙන්නැතුව ලෝකේ ගැන දැනගන්න ඕන නිසයි..එයාලත් එක්කම ඕසි ගියපු ආකාශ් විශූ ඩබලට දැන් ඉන්නව සූටි දුවෙක් ...වැඩේ කියන්නෙ කෙල්ලගේ නම

විශූ විතන්‍යා

අර ගොන් නෑම්බි මගේ නමෙයි ඒකිගෙ නමෙයි කෑලි එකතු කරලා කෙල්ලට නම දාලා...

ඒ එක්කම මන් ගැන කිව්වොත්😁..මන් මේ සනූව ඉක්මනට බදින්න ප්ලෑන් කරනව...ඒ එක්කම හනිමූන් එකත් ඒම...ඒත් කොහෙද මට මේ වැඩ ගොඩනෙ නැත්නම් මාත් දැන් ඉන්නෙ ඕසිවල 😒💔...

ඒ එක්කම,
අම්මටයි තාත්තටයි මල්ලිටයි පුන්චිටයි ආව හැම අවුරුද්දකම මන් පූජා තිව්වේ ඒ ගොල්ලො වෙනුවෙන් මගේ ආගමට අනුව මට කරන්න පුලුවන් ලොකුම දේ ඒක නිසා..එයාලගේ ආත්මයන්වත් ශාන්තව පැවතුනාවෙ මන් ප්‍රාර්තනා කරෙත් ඒකයි...

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
END.........

𝗙𝗢𝗥𝗘𝗩𝗘𝗥  𝗹𝗼𝘃𝗲 𝗬𝗢𝗨 🙊❤️ [𝘾𝙊𝙈𝙋𝙇𝙀𝙏𝙀𝘿] (G×G)Where stories live. Discover now