"අම්මේ..මම ඔයාට ටිකකින් ගන්නද..?මට තව ටිකකින් ක්ලාස් එකක් තියෙනවා..""හරි මගෙ දුව වැඩ ටික හොදට කරන් පරිස්සමට ඉන්න හොදද..අම්මා ආදරෙයි.."
"බුදුසරණයී අම්මා..මම තියන්නම්..මාත් ආදරෙයි මගෙ අම්මටයි අප්පච්චිටයි හුගක්.."
අම්මත් එක්ක කතා කරලා ඉක්මනට මම ලෑස්ති උනේ අද දවස ටිකක් විශේශ නිසා..මොකද අද තමයි අලුත් අවුරුද්දෙ පලවෙනි දවස..අලුත් ආරම්භයක්..අලුත් ජීවිතයක්..ඔව් අලුත්ම විදිහෙ ලස්සන අවුරුද්දක් මට අදින් පටන් ගන්න පුලුවන්..ලංකාවෙන් ඇවිත් තවමත් සති දෙකක් උනත් මම හුගක් ආසාවෙන් මෙහෙට හුරු වෙන්නෙ..මට ලංකාවෙ ගෙවුන ජීවිතේට වඩා වෙනස්ම ජීවිතයක් මෙහෙදි ගෙවන්න පුලුවන් වෙයි..කියලා මම හිතනවා..
ඉතින් මම...යෙශින්දි රාධා සේනානායක..මගෙ අම්මගෙයි අප්පච්චිගෙයි එකම දරුවා..වගේම සේනානායක පවුලේ චූටි දෝණි..වගේම එකම කෙල්ල..මගෙ ආච්චි අම්මගෙ චූටී..ඔව්..කියාගන්න බැරි තරම් ආදරයක් වගේම සමහර වෙලාවට නොදැනුවත්වම හිත් රිදුම් උනත් වැඩියෙන්ම මට ලැබෙන්නෙ මගෙ පවුලෙන්..ඉතින් ලංකාව දාලා ඕස්ට්‍රේලියාවට මම එන්නත් හේතුව උනේ මගෙ අප්පච්චිගේ තීරණයකට මම රිඇක්ට් කරපු මුරණ්ඩු විදියකින් කිව්වොත් හරියටම හරි..අවුරුදු දෙකක් වගේ පුංචි කාලෙකට මම ආවත් මං හිතනවා මට මේ අවුරුදු දෙක මම ආසා කරන විදියට ගත කරන්න පුලුවන් වෙයි කියලා..මම ඉක්මනටම මගෙ කොන්ඩෙ එකතු කරලා ගැටගහන් ටිකක් දිග ගවුමකුත් ඇදන් ලෑස්ති උනේ ඔක්කෝටම කලින් ච'ච් එකට යන්න...මම කතෝලික නොවුනත් මගෙ අම්මා කතෝලික..ඉතින් පන්සලට වගේම මම පල්ලියටත් යන්න පුරුදු වෙලා හිටියා..
"දෝණී...මම කෑම ලෑස්ති කලා පැටියෝ.."
"එනවා පුංචී..!!"
ඔව් මම ඉන්නෙ මගේ පුංචිත් එක්ක..කොහොමත් සේනානායක පවුලේ තියෙන ලොකුකම පෙන්නන්න වගේ අප්පච්චි කිව්වෙම කාත් කවුරුත් නැති එකෙක් වගේ තනියම ඉන්න ලෑස්ති වෙලා රට යනවනම් නොගියට කමක් නෑ කියලා..ඉතින් අප්පච්චිව තරහ කරගෙන මේ ගමන එන්නෙ නැතුව මම පුංචි ලගට එන්න තීරණේ කරෙත් මට මේ මම ගෙවන්න යන අවුරුදු දෙක උපරිම සතුටින් ගෙවන්න ඕනි නිසා..මොකද පුංචි මගෙ අම්මට වඩා හුගක් බාලයි වගේම මාත් එක්ක ඉන්නෙ මගෙ යාලුවා වගේ නිසා..
YOU ARE READING
Radha | රාධා | Sinhalaᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔
RomanceDon't copy my work 🚫 [Under-editing.] මගේ පුංචි ලැවැන්ඩර් මල වෙනුවෙන්.. 🌟 - රාධාගෙන් - දහස් ගානක් පලවෙනි ආදර කතා අතුරින් තවත් වෙනස්ම පලවෙනි ආදරයක් ගැන කතාවක්! ඒක කොහොම එකක්ද කියලා බලන්න කැමතිද.. එහෙනම් එකතු වෙන්න රාධා එක්ක!!