අවසන් කොටස.

1.5K 68 51
                                    


"යශ්.. අහන්න.. මම දන්නවා ඔයා මට කැමතී කියන්න.. ඒත් යශ් මම ආදරේ කරන කෙනෙක් ඉන්නවනේ.. මට ඔයා වෙනුවෙන් මෙතනදි මොකුත්ම කරන්න බෑ යශ්.. ප්ලීස්.. මාව තේරුම් ගන්න.. මට මේ මැරේජ් එක කරන්න බෑ.. මන් දන්නෙ නෑ ඔයා මේකට කැමතී උනේ ඒ මම කියලා දැනගෙනද කියන්න.. ඒත් සොරි.. ප්ලීස් මේක නවත්තන්න..! "

ටිකකට කලින් මට බෙහෙත් දීලා මාව යම්තාක් දුරකට සනීපයක් දැනෙනකම් අප්පච්චිලා ඉඳලා එයාලා කතාව පටන් ගත්තෙ මගෙ කාමරේ ඉඳන්මයි.. මට ලාවට තේරුනා මේ මොකද්ද වෙන්නෙ කියලා.. මම අභිශේක්ගෙ එෆෙයා එක ගැන නොදැන හිටියනම් සමහරවිට මේ මොහොතෙ මේ ලෝකේ වැඩියෙන්ම සතුටු වෙන මනුස්සයා මම වෙන්න ඉඩ තිබ්බා..ඒත් මම හැමදේම දැනගෙනත් කොහොමද මන් ගැන විතරක් හිතන්නෙ...මම වගේම අභී විඳවනවා බලන්න මට කිසිම උවමනාවක් නෑ.. අනික එයා හිතනවා ඇති මම මේක උවමනාවෙන්ම කරනවා කියලා... මන් ගැන ඒ විදියට හිතයි කියලා හිතෙද්දිත් මට මං ගැනම එපා උනා.. මම ආසම නැති දේ.. මං ගැන එයා වැරදි විදියට හිතන එක.. ඇත්ත අපි කාටවත් බෑ කවුරුත් අපි ගැන හිතන විදිය වෙනස් කරන්න.. ඒත් කවුරු කොහොම මං ගැන හිතුවත් අභී මං ගැන වැරදියට හිතන්නෙ නැත්තන් මට ඒ ඇති.. මම අභිශේක් වෙනුවෙන් මගේ සයිඩ් එකෙන් වෙන්නෝනෙ හැමදේම කරන්න හිතාගත්තෙ අප්පච්චිලා ගැනවත් නොහිතා.. සමහරවිට මාවත් නිශාදි අක්කි වගේ පවුලෙන් අයින් කරයි.. කමක් නෑ... මම මේ ඉන්න තත්වෙ එක්ක බැලුවම ඔයවගේ දෙයක් දරාගන්න එක මහලොකු දෙයක් නෙමෙයි..

".. අභිශේක්.. බයවෙන්න එපා.. මම මේක වෙන්න දෙන්නෙ නෑ.. මම ඒකගැන බලාගන්නම්.. ඔයා හිතන්න එපා.."

මට ඇත්තටම සද්දෙන් කතා කරගන්නවත් බැරි තරමට ඔලුවෙ කැක්කුම තවමත් තිබුනා.. ඒත් මම කොහොමහරි වචන ගැට ගහන් කියලා එතනින් යන්න නැගිටින්න හැදුවත් ඒක හරිම අමාරුයි..!! මම ඒ නිසාම එතනම ඉන්න තීරණේ කලේ කොයිවෙලේ හරි පුංචි වත් මේ පැත්තට එනකන් ඉන්න හිතන්.. ඒත් එක්කම අභිශේක් එතනින් යන්න නැගිට්ටෙ මම එයා දිහාට හැරෙනකොටමයි..

"අභිශේක්..at least can we be friends..?"

"අම්.. සොරි යශ්.. මට..ඔයා එක්ක.. ලොකුවට යාලුවෙක් වගේ ඉන්න බෑ..මම ඒකයි ඔයාගෙන් උනත් ඉස්සෙල්ලම කතා කරනකොට ඇහුවේ boyfriend කෙනෙක් ඉන්නවද කියලා.. සෝ.. එතකොට.. - -"

Radha | රාධා | Sinhalaᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔Where stories live. Discover now