"නංගා.. ඔයාට අවුලක් නෑ නේද.. ටිකකට අපි මෙහෙන් ඉමූ.."අක්කි මාවත් එක්කන් ඇවිත් ඉඳගැස්සුවෙ අභිශේක්ලා ඉන්න ටේබල් එකට ඉස්සරහින් තිබ්බ ටේබල් එකකින්.. අභිශේක් අම්මලා ලඟට කතා කරන්න ගිය නිසා මාව අක්කි හිමින් මෙතනට එක්කන් ආවෙ අක්කිත් මාත් එක්කම මෙතනින් ඉඳගනිද්දි මේ ටේබල්ස්වල ඉන්න අයට අනිත් අය නොපෙනෙන්න උසටයි සීට්ස් හදලා තියෙන්නෙ.. ඒ නිසා අක්කිත් මෙතනට ආවෙ අම්මලා කියන ඒවා හොරෙන් අහන් ඉන්න.. මම අක්කි දීපු කොෆී එක හිමින් බොන ගමන් කල්පනා කලේ අභිශේක් ඉස්සෙල්ලා කතා කරපු ඒ 'නංගි' ගැන.. ඒ තරම් ආදරේකින්..? මටත් ආසා නොහිතුනාම නෙමෙයි ඒ තරන් ආදරෙන් එයා මට කතා කරනවා බලන්න.. අහන්න.. ඒත් මට හිතෙන්නෙ ඒක හීනයක්ම විතරයි කොහොමත්.. සමහරවිට.. මේ ආත්මේ.. මට එයාව කොහොමටත් ලැබෙන්න ලියවිලා නැතුව ඇති.. මම ආයෙම දිග හුස්මක් පිට කරේ අක්කි දිහා බලලා එයා පිටිපස්සෙ ටේබල් එකේ කතා කරන ඒවට කන් දීගෙන ඉන්නෙ නියපොතුත් හප හප.. ඇයි අක්කි බයෙන් ඉන්නෙ මිනිස් මනස ගැන ඉගෙන ගත්ත මට එයා ඉන්න විදියෙන්ම තේරුනා එයා ඉන්නෙ බයෙන් කියන්න.. ඒත් මට බෑ එයාලගෙ දේවල් හාර අවුස්සන්න.. මට තියෙන අයිතිය මොකද්ද.. මම ඒ නිසාම එයාලගෙ පවුලෙ කතාවලටවත් කන් දීගෙන නොහිටියේ ඇත්තටම ඒක නරක පුරුද්දක් නිසයි.. මම ෆෝන් එක අරන් මම ඔන්ලයින් කියවන පොත්වල දාලා තිබුන අප්ඩේට්ස් කියවන්න ගත්තෙ කැෆේ එක ක්ලෝස් කරනවත් ඇහෙද්දි...
"ඉනෆ් අප්පච්චි!! මම කිව්වනෙ.. මම ඔකට කැමති නෑ.. මට දැනගන්න ඕනෙත් නෑ ඔය කියන ගෑනු ලමයා කවුද කියලා.. මට දැන් මගේ ජීවිතේ ගැන තනියම තීරණයක් ගන්න පුලුවන් වයසනේ.. ඇයි මට වදයක් වෙන්නෙ මෙහෙම.. ඔච්චර බන්දවන්න උවමනාවක් තියෙනවනම් අක්කිව බන්දවන්නකො මොන මල වදයක්ද මේ.."
" පුතා..!! "
මම ගැස්සිලා ගියෙ අභිශේක්ගෙ කටහඩට...එයා එහෙම තරහ අරන් කෑ ගහනවා මම මගෙ ජීවිතේට අහලවත් දැකලවත් නෑ... අනික මම හැමවෙලේම එයාව දකින්නේ හුගක් නිමිච්ච චරිතයක් විදියටයි...මට ඒ කියපු වචන එකින් එක හොඳ පැහැදිලිවට ඇහුනා.. ඒත් එක්කම අක්කිට කැස්සක් ඇවිත් එයා බිබී හිටිය බබල්ටී එක හිර උනේ මම ඉක්මනට ෆෝන් එක පැත්තකින් තියලා අක්කි දිහාට හැරෙනකොටමයි.. අක්කි ඇස් දෙකත් ලොකු කරන් පපුවට අත තියන් කහින විදියටනම් ඇත්තටම මට බය හිතුනා..
YOU ARE READING
Radha | රාධා | Sinhalaᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔
RomanceDon't copy my work 🚫 [Under-editing.] මගේ පුංචි ලැවැන්ඩර් මල වෙනුවෙන්.. 🌟 - රාධාගෙන් - දහස් ගානක් පලවෙනි ආදර කතා අතුරින් තවත් වෙනස්ම පලවෙනි ආදරයක් ගැන කතාවක්! ඒක කොහොම එකක්ද කියලා බලන්න කැමතිද.. එහෙනම් එකතු වෙන්න රාධා එක්ක!!