"So..හුඟ කාලෙකින් දැක්කෙ..අන්තිමට මම ඔයාව දැක්කෙ ඒලෙවෙල් ලියන්න ගිය දවසෙ.."මම දැන් ඉන්නෙ අර ටිකකට කලින් මන් බල බල හිටිය කොෆී ශොප් එක ඇතුලෙ..අක්කයි අභිශේකුයි ඉස්සරහ ඉදගෙන..මට ටිකක් විතර ඇත්තටම අමතක වෙලයි තිබුනෙත් මේ විදියට කතා එක්ක හරි ඉදගෙන කතා කරන විදියත්..
"ඕ නේද..මමත් එහෙම තමයි.."
මොනවද කතා කරන්න ඕනි කියන්නවත් මට තේරුමක් නෑ..ඔන්න තවත් වතාවක් මම සේනානායක පවුලට පිං දෙන්නයි යන්නෙ..
"නංගා..මම අභිශේකා..ඒත් මේකාට අභී කියන නිසා මට හැමෝම කියන්නෙ අශී කියලා..ඔයා මට ඕනෙ විදියකට කතා කරන්න.."
ඇත්තටම අක්කානම් හරි ලස්සනයි වගේම හුරතල්..ආදරේ හිතෙනවා දැක්කම..මට යාලුවො හම්බවෙලා..!!හැබැයි එහෙම බැලුවොත් ඒකත් සේනානායක පවුල හින්දා!!
"හරි..අශී අක්කි.."
"අනා..මට ඔයාව ගෙදර ගෙනියන්න හිතෙනවා..!!"
අක්කා මගෙ කම්මුල් දෙක චප්ප වෙන්න අල්ලන් කිව්වෙ මට හීනියට හිනාවක් යද්දි..ඒත් එක්කම කොෆී එකක් බිබී හිටිය අභිශේක්ට කැස්සක් ආවෙ අක්කා ඇස් දෙක රෝල් කරලා එයාගෙ පැත්තට හැරිලා කනට මොනාද කියනකොට..ඒත් අභිශේක්ගෙ කැස්ස තවත් ටිකක් වැඩි උනේ මම ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉද්දි..මම ඉක්මනටම එලියට එනකොට දාගෙන ආව මගෙ බැක්පැක් එකෙන් මගෙ වතුර බෝතලේ අරන් අභිශේක්ට දුන්නෙ එයා මට හිනා වෙලා ඒක ගන්නකොට..එයාගෙ මුලු මූනම කන්වල ඉදන් රතු වෙලා..කැස්ස නිසා..
"මොන..!!හරියට ඕක බීගන්න බැරිද අභී..?!!"
අක්කා අභිශේක්ගෙ පිටට හයියෙන් ගහගෙන ගහගෙන ගියෙ මගෙ ඇස් දෙක තව ටිකක් ලොකු වෙද්දි..ඒකනම් රිදෙන්න ඇති..මම හිතන්නෙ..අභිශේක් එකපාරටම අනික් පැත්තට අක්කට එකක් දුන්නෙ මාව ගැස්සීලා යද්දි..අක්කගේ තරම්ම සැර නොවුනත් මට විශ්වාසයි අක්කට රිදෙන්න ඇති..
"අම්..අශී අක්කෙ..මටත් ..මටත් කොෆී එකක්.."
අක්කා ඇස් දෙකත් රතු කරන් අභිශේක් දිහා බලන් හිටිය විදියට මට හිතුනෙම මෙතන දෙන්නා තව ටිකකින් මරා ගනියි කියලා..ඒ හින්දමයි මම කොෆී එකක් ඉල්ලුවෙ..
YOU ARE READING
Radha | රාධා | Sinhalaᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔
Roman d'amourDon't copy my work 🚫 [Under-editing.] මගේ පුංචි ලැවැන්ඩර් මල වෙනුවෙන්.. 🌟 - රාධාගෙන් - දහස් ගානක් පලවෙනි ආදර කතා අතුරින් තවත් වෙනස්ම පලවෙනි ආදරයක් ගැන කතාවක්! ඒක කොහොම එකක්ද කියලා බලන්න කැමතිද.. එහෙනම් එකතු වෙන්න රාධා එක්ක!!