අප්පච්චිලා ඇවිත් හරියටම සතියක්..මාව ආව ගමන් පුංචි ලඟින් අරගෙන ආවෙ මාසෙකට අප්පච්චිලා ඉන්න බුක් කරලා තිබ්බ විලා එකකට.. පුංචිගෙ ගෙදරට ටිකක් ලඟ උනත් පුංචි ආවෙ නෑ මම එහෙන් ආවත් හරි.. පුංචි මට ඒත් කිව්වෙම රාධා.., අප්පච්චි එක්ක රණ්ඩු කරන්න එහෙම එපා එයා ඔයාට වැරැද්දක් කරන්නෙ නෑ කොයිම වෙලේකවත් කියලා.. ඒකෙන් තේරෙන එකම දේ තමයි අප්පච්චි අනිවාර්යයෙන්ම ඇවිත් තියෙන්නේ කසාදෙ ගැන කියවන්න කියන එක.. මම කොහොමද හිතක් හදාගෙන වෙන පිරිමියෙක්ගෙ වෙන්නෙ.. මට ඒ ගැන හිතද්දිත් ආවෙ කියාගන්න බැරි තරම් තරහක්.. අප්පච්චී අම්මා කියන්නෙත් ආදරේ කරලා බැන්ද අය.. අවුරුදු ගානක්.. ඒත් අප්පච්චි එයාගෙ රාධාට මේ කරන දේ හරිද.. මාව හිරකරලා මට ජොබ් එකක්වත් නොකරන්න දීලා දැන් අප්පච්චිගෙම කැමැත්තකට කසාද බන්දන්නත් හදන එක සාධාරණයි ද..? මගෙ පැත්තෙන් බලද්දි කවුරු කොහොම කිව්වත් ඒක අසාධාරණයි.. මේ හිත වෙන කෙනෙක්ට කොහොමටවත් අයිති නෑ..එදායින් පස්සේ මට අභිශේක්ව මුණගැහුනෙ නෑ.. එයා හිතලම මාව මගාරිනවා කියලයි මට හිතුනෙ.. මොකද මම මැසේජස් වගයක් දැම්මත් ඔන්ලයින් ඉඳලත් ඒවා පැයගානක් යනකම් එයා බලන්නෙ නෑ.. මමත් කෙල්ලෙක්.. මගෙ self respect එක ගැනවත් නොහිතා ඒත් මම බලන් ඉන්නවා එයා රිප්ලයි කරනකම්.. මමත් හිතක් තියෙන හැඟීම් දැනීම් ඕනාවටත් වඩා දැනෙන කෙල්ලෙක්.. එයා එහෙම එක සැරේම මාව ගනන් ගන්නෙ නැතුව ඉන්නකොට මට හුගක් රිදෙනවා.. මන් දන්නෙ නෑ.. ඇයි එයා එහෙම කරන්නෙ කියන්න.. මාව අඩුම දෙයියනේ යාලුවෙක් විදියටවත් තියාගන්න බැරිද..?ඒත් එයා අසරණයිනම්.. මගේ හිත රිද්දන්නත් බැරි එයාගෙ ගෑනු ලමයාගෙ හිත රිද්දන්නෙත් නැතුව ඉන්න ඕනෙ තැනකනම් ඉන්නෙ කියලා හිතුන වෙලාවට මම ඒ මැසේජස් අන්සෙන්ඩ් කරලා බලාගත්තු අත බලන් ඉන්නවා.. හිත ඇතුලේ පැලවෙච්ච ලැවැන්ඩර් මල් පරවෙලා යන්න කාලෙ හරි කියලා මට නිතරම මගෙ හිත කිව්වත් බලෙන් මරන්නෙ කොහොමද මෙච්චර ආදරෙන් බලාගත්ත පැලයක්... ඒත් සමහරවිට මගේ ජීවිතේ මට මෙච්චර වෙහෙසකින් නැතුව ගෙවන්න තිබුනා මම අභිශේක්ට මගේ හිතේ තිබුන දේවල් නොකියා හිටියනම් කියලා හිතුන වාර අනන්තයි.. එහෙනම්.. මෙතනදි මම වැරදිද..? ඒත් හිතේ තියන් ඉන්නවට වඩා එයාට කියන එක නේද හොඳම..?
YOU ARE READING
Radha | රාධා | Sinhalaᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔
RomanceDon't copy my work 🚫 [Under-editing.] මගේ පුංචි ලැවැන්ඩර් මල වෙනුවෙන්.. 🌟 - රාධාගෙන් - දහස් ගානක් පලවෙනි ආදර කතා අතුරින් තවත් වෙනස්ම පලවෙනි ආදරයක් ගැන කතාවක්! ඒක කොහොම එකක්ද කියලා බලන්න කැමතිද.. එහෙනම් එකතු වෙන්න රාධා එක්ක!!