"ඇයි.. මෙහෙම ඉන්නෙ.. ඇයි?"මම ආයෙම හාදුවෙන් විනාඩියකට පස්සෙ ඇස් දෙක අරිනකොට එතන අභිශේක් හිටියෙ නෑ.. මොකක්ද..??? අභිශේක් කෝ??
ආ... ශ්.. අභි-
එකසැරේම මට ගැස්සිලා ඇහැරුනේ ඒ හැමදෙයක්ම හීනයක් කියලා මගෙ ඔලුවට හිමින් තේරෙද්දි.. ඒත්.. ඇත්ත වගේනෙ දැනුනෙ..මම මූන පුරා ලාවට තෙත් වෙලා තිබුන දාඩිය නිසාම ඉක්මනින් කොන්ඩෙ පිටිපස්සට කරන් අත් දෙක අස්සෙ මූන හංගගත්තෙ දැනිච්ච අමුතු හැගීම් හැම එකක්ම එක විනාඩියකට අමතක කරලා ඇඳේ ඉඳගන්න අතරතුරේමයි.. ඒක හීනයක්ද.. ඒත්.. දැන් වෙලාව කීයද..මම ඉක්මනට බැලුවෙ මගේ ෆෝන් එක දිහා.. තවම පාන්දර දෙකයි විස්සයි.. මම ඇඳෙන් බැහැලා ගිහින් මූන ටිකක් සෝදන් ආයෙම ඇවිත් ඇඳේ ඉඳගත්තෙ ඒක හීනයක්ම විතරයි කියලා මගෙ හිතට තේරුම් කරලා දෙන අතරෙයි.. එයාට කරදරයක්වත්ද..? ඇයි එහෙම හීනයක් දැක්කේ මම.. මම ඒ ගැන හිතලා හිතලා ෆෝන් එක ආයෙමත් අරන් අභිශේක්ගෙ චැට් එකට ගිහින් බැලුවෙ මැසේජ් එකක් දාන්න හිතන්.. එයා පැය හතරකට කලින් අන්තිමට ඔන්ලයින් ඉඳලා තියෙන්නෙ...මම ආයෙම ෆෝන් එක පැත්තකින් තිබ්බෙ මහ පාන්දර එයාට කතා කරලා නිකන් එයාට වැරදි අදහස් මං ගැන දෙන්න ඕනෙ නැති නිසයි.. ඒත් මට අයෙ නින්ද ගියේම නැත්තෙ එයාව ඒ වගේ තත්වෙකින් හීනෙකින්වත් දකින්න මට උවමනාවක් නොතිබ්බ නිසයි.. මම හිමින් දන්නෙම නැතුව මගේ තොල් දෙක උඩට ඇඟිලි තුඩු අරන් ගියෙ මොහොතකට එයාව හීනෙන්හරි ඒ දැනිච්ච විදියට මම හුගක් ලෝබ උන නිසා.. මට හරි ලෝබයි... එයාට..එයාගෙ හැමදේටම.. මම ඉක්මනට නැගිටලා කොෆී එකක් හදාගත්තෙ දැනෙන බඩගින්නට...
තවමත් පාන්දර තුනයි.. මට අභිශේක්ට අසනීපයක්වත්ද කියලා හිතුන වාර මෙහෙමයි කියලා ගනින්න බෑ ඒ තරම් මට එයා හොඳින්ද කියලා දැනගන්න ඕනෙ උනා..මොකද මගේ හිතෙ පුංචි කාලෙ ඉඳන් විශ්වාසයක් තිබ්බා පාන්දර දකින හීනවල ඒකත් පාන්දර 2ත් 4ත් අතර දකින හීනවල මොනම විදියේ හරි ඇත්තක් එහෙම නැත්තන් පණිවිඩයක් තියෙනවා කියලා.. ඒත් මම මොහොතකට බය උනා ආයෙමත් මට එයාව යාලුවෙක් විදියටවත් නැති වෙයි කියලා ඕනෙවට වඩා වදයක් වෙන්න ගිහින්.. ඒත් අපේ හිත මොලේට අවස්තා දෙනවා හරි අඩුයිනේ.. ඒ නිසාමද මන්දා මම උදේම එයාට මැසේජ් එකක් දාලා ඇහුවෙ එයා හොඳින් ඉන්නවද කියලා.. ගිහින් දැකලා බලාගෙනම අහන්න තරම් උවමනාවක් මගේ හිතට දැනුනත් එහෙම නොකර ඉන්න මම හිත හදාගත්තේ එයා මන් ගැන වැරදියට හිතයි කියලා දැනුන බයටමයි.. ඒත් එයා එව්ව රිප්ලයි එක දැක්කම මට මොහොතකට හිතුනා මම එයාට වදයක් වෙන්න නේද මේ හදන්නෙ කියලා... ඔව් මම හොඳින් කියන රිප්ලයි එකක් බලාපොරොත්තුවෙන් ඉඳියත් ඕව් මම හොදින් ඉන්නවා මොනවා වෙන්නද කියලා තිබ්බ මැසේජ් එක මගේ හිත රිද්දන්න තරම් විදියට මම එවෙලේ දැක්කෙ සමහරවිට මම හුගක් මිනිස්සුන්ව එයාලාව මැසේජ් කරන විදියෙන් මූඩ් එක දැනගන්න හදන නිසා වෙන්න පුලුවන් කියලා මට එක විනාඩියකට නොහිතුනාමත් නෙමෙයි.. මම ෆෝන් එකත් පැත්තකින් තියලා ඉක්මනින් ලෑස්ති උනේ ටිකක් එලියට යන්න.. ඇත්තටම ගෙදරටම වෙලා ඉන්න එක හුගක් කම්මැලි වගේ දැන් මට..
YOU ARE READING
Radha | රාධා | Sinhalaᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔
RomanceDon't copy my work 🚫 [Under-editing.] මගේ පුංචි ලැවැන්ඩර් මල වෙනුවෙන්.. 🌟 - රාධාගෙන් - දහස් ගානක් පලවෙනි ආදර කතා අතුරින් තවත් වෙනස්ම පලවෙනි ආදරයක් ගැන කතාවක්! ඒක කොහොම එකක්ද කියලා බලන්න කැමතිද.. එහෙනම් එකතු වෙන්න රාධා එක්ක!!