නො සි තූ
..
..
..
..
..
"ඕ ඇ.. ඇයි මිස්ටර්... "
ශාන්ගෙ පැත්තට ඒ බැල්ම වැටිලා තියෙන නිසා ශාන්ට ඒ මනුස්සයගෙ ඇස් දෙක වත් නොපෙනුනාට ශාන් කතා කරා.. මොකද ශාන්ට දාගෙන ඇන්නෙ මොකක් හරි කියන්න තියෙන නිසා වෙන්න ඇතිනෙ නෙහ්..
"ඔයාට එපා වෙන්නෙ නැද්ද... "
"ඈහ්... "
ඒ මොන මගුලක්ද මේ මිනිහා ඇහුවෙ.. මොකක්ද එපා වෙන්නෙ නැද්ද කියලා අහන්නෙ.. ශාන් උඩ බිම බැලුවෙ මේ මිනිහා අහන්නෙ මොකක්ද කියලා තේරෙන්නෙ නැති නිසා....
"මන් ඇහුවෙ එකම මනුස්සයගෙ සින්දු එක දිගට අහන එක එපා වෙන්නෙ නැද්ද කියලා.. "
"ආහ්... "
ශාන්ට වැඩේ තේරුනේ දැන්.. ශාන් අහ අහ හිටියෙ යීබෝගෙ සින්දුනෙ.. ශාන්ගෙ ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඒ මනුස්සයා දකින්න ඇත්.. ඒත් අප්පා මේ මිනිහට මොකටද ඒක.. තමන් කැමති එකනෙ තමන් අහන්නෙ.. ඒ මිනිහට ඕන එක නෙවෙයිනෙ ශාන් අහන්නෝනේ..
"නෑ දිගටම ප්ලේ වෙනවා දැක්කා ඒකයි ඇහුවෙ... "
ඕන්නැති මගුලක් නෑ.. මොන වගේ චීත්ත පරාණයක්ද මේ ඉන්නෙ කියලා ශාන්ට හිතුනා.. ගම් වල ඉන්න වයසක ගෑනු වගේනෙ අනුන්ගෙ මගුල් හොයන්නෙ...
"ඔයාටත් ඕන නැති එකක් නෑනෙ මිස්ටර්... "
ශාන් පොල්ලෙන් ගහන්න වගේ අහද්දි ගෝනි බිල්ලා හිනා වෙනවා කියලා ශාන්ට හිතුනා.. මාස්ක් එක දාලා හිටියත් ඒ මූණෙ හිනාවක් ඇදෙනවා කියලා ශාන්ට හිතුනා..."නෑ දැක්ක නිසා ඇහුවෙ... "
"දැක්ක පලියට අහන්න ඕනද.. දැකලා නොදැක්කා වගේ ඉන්න එපෑ... පොලීසිය වගෙ ප්‍රශ්න නාහා... "
YOU ARE READING
꧁ නොසිතූ ꧂ ✓
Fanfictionආදරයයි හිතේ තියන කැමැත්තයි හරි හැටි තේරුම් ගන්නට තමන්ට නොහැකි වුනොත්... අපේ හිතේ ඉන්න අපි මේ ලෝකේ ඉන්න වැඩියෙන්ම කැමැති කෙනා ඇවිල්ලා කියලා දුන්නොත් අපිට.. මේක නිකන්ම නිකන් කැමැත්තක් නෙවෙයි.. මේක තමයි ආදරේ කියලා.. තේරුම් ගන්නවද.. ඒක තමයි හදවතේ ආදර...