නො සි තූ..
..
..
..
..
..
"මොකක්ද බන් තෝ කරන්නේ.. ඉක්මන් කරපන්කෝ... "
"හරි හරි ඕයී.. ඉස්සරහා සෙට් උනත් පස්ස සෙට් උනත් අන්තිමට කෝමත් අද උබ ඌ එක්ක කතා කරනවනෙ.. අනික යකෝ රෑ එලි වෙනකල් මලුත් කඩනවා නේද.. පොඩ්ඩක් ඉදින්කො ලෑස්ති වෙනකල්.. තොට මාර තදියමක්නෙ තියෙන්නේ... "
"අනේ මන් තොට ඉතින් කියන්නෙ නෑ... රෙද්ද... "සතියක්.. ඔව් සතියක් හරි අපූරුවට ගෙවිලා ගියේ වැඩියෙන් සතුට වගේම පොඩි දුකකුත් එක්ක කිව්වා නම් තමයි හරිම කතාව...
යූ බින් ශාන්ට මිතුරෙක් නොවී අන්තිමට සහෝදරයෙක් වෙද්දි ශාන්ට එයාගෙ පවුල කියලා හිතන් උන්න අයව නම් සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා.. ඒක මනුස්සයෙක්ට ලොකු දුකක් නොවී තියෙන්නෙ නෑනේ නේද.. නමුත් ශාන්ට හිත හදාගන්න ලේසි වෙන්න ශාන්ගෙ දෙපසින් මහා පතාක යෝධයෝ දෙන්නෙක්ම හිටියා...
යූ බින්ගෙ කඩප්පුලි කතා අතරේ.. යීබෝගේ නොකියා කියන සමහර වචන අස්සෙ.. ශාන්ගේ හිත ටිකෙක් ටික පෙරටත් වඩා හොදට හැදෙන්න පටන් ගත්තා...
ඔව් අපිට ආදරේ නැති මිනිස්සුන්ගෙන් අපි ඈත් වෙන්න ඕනා.. එයාලා ආදරේ නැත්තම් අපි බලෙන් ආදරේ කරන්න යන්න ඕනා නෑනේ නේද.. එතකොට වෙන්නෙ අපේ අගේ පහළට බහින එක.. අපි කවදාවත් ඒ දේ නම් කර ගන්න හොද නෑ...
ශාන් හිත හදා ගත්තා... ශාන් චීනෙට ඇවිල්ලා යූ බින් එක්ක ඇවිදින්න යන ගමන් ගත්ත පින්තූර ශාන්ගෙ වෙයිබො එකේ පල වෙද්දි ශාන්ගේ ගෙදර මිනිස්සු දැනගත්තා ශාන් ඇවිල්ලා කියලා.. නමුත් ශාන් නිකන් වත් ගෙදර නොගිය නිසා ශන්ට මමාගෙන් කෝල් එකක් නම් ආවා...
YOU ARE READING
꧁ නොසිතූ ꧂ ✓
Fanfictionආදරයයි හිතේ තියන කැමැත්තයි හරි හැටි තේරුම් ගන්නට තමන්ට නොහැකි වුනොත්... අපේ හිතේ ඉන්න අපි මේ ලෝකේ ඉන්න වැඩියෙන්ම කැමැති කෙනා ඇවිල්ලා කියලා දුන්නොත් අපිට.. මේක නිකන්ම නිකන් කැමැත්තක් නෙවෙයි.. මේක තමයි ආදරේ කියලා.. තේරුම් ගන්නවද.. ඒක තමයි හදවතේ ආදර...