නො සි තූ..
..
..
..
..
..
"ශානා.. උබ මගේ යාලුවනෙ මචං... මොන දේ උනත් උබට මම ඉන්න නිසා හිත හයිය කරන් මේ දේවල් අහන් ඉදපන් මචන්... "
"මුලින්ම ගෙදරට යමු බන්.. "
"නෑ.. මන් කියන දේ අහගෙන පලයන් බන්.. නැත්තම් එහේ දකින දේවල් එක්ක උබ ශොක් වෙන්න පුළුවන්.. විස්තරේ දැනගෙන ගියාම උබේ වේදනාව ටිකක් හරි අඩු වෙයි.. ඒකයි මන් උබට කෙලින්ම ගෙදර නොයා මගේ ගෙදරට එන්න කිව්වේ.. හෙමීට උබේ හිත හදලා උන් එක්ක කතා කරන්න එක්කන් යන්න හිතන් හිටියේ.. කොහෙද තොට කඩි කුලප්පුව හැදුනනෙ... "
"ම්ම්.. "
"මුලින්ම කියපන් උබ කොහොමද මේ වෙඩින් එක ගැන දැන ගත්තෙ කියලා... "
යූ බින්.. ශාන්ගෙ අත් දෙකෙන්ම අල්ල ගත්තා.. යූ බින්ට මුලින්ම දැන ගන්න ඕන උනේ ශාන්ට මේ ගිනි ගෙඩිය දුන්න එකා මොකාද කියලා දැන ගන්න එක...
"ඩිඩී.... "
"හහ්.. ඒ පොඩි පගයා.. ඇත්තටම ඌ පො$$යෙක් බන්... "
"ඒ යක්... "
"කට වහන් දැන් අහන් ඉදපන් ශාන්... "
වෙච්ච සැන්තෑසිය දන්න යූ බින්ට නම් ශාන්ගෙ හත්මුතු පරම්පරාවම පේන්න බෑ.. ඒ මුකුත් ශාන් නොදන්න නිසා ඉතින් එයාට එයාගෙ පවුල ගැන මුකුත් නරක දෙයක් තවමත් අහන්න බෑ...
"ශානා... "
"ම්ම්... "
"මුන් එකෙක් වත් උබේ කවුරුත් නෙවෙයි වස්තූ... "
"ඈ...හ්.. "
ඒ මොකක්ද දෙයියනේ ඒ කිව්වේ... ඒ කවුරුත් ශාන්ගේ කිසිම කෙනෙක් නොවන ගානට දැන් හැසිරෙන එක නම් ඇත්තක්.. නමුත් ඉතින් ඒ ඉන්න අම්මා තාත්තා ශාන්ට කිසි අඩුවක් කවදාවත් කරේ නම් නෑ.. එයාලා පුළුවන් විදියට ශාන්ට සැලකුවා.. අද මේ මොහොතේ ශාන් මේ විදියට එන්න කලිනුත් ඒ මිනිස්සු ශාන් එක්ක හොදින් කතා කරා.. මෙහෙම වෙඩින් එකක් මේ ගෙදර තියෙනවා කියලා වත් කිසිම දෙයක් නොකියා...
"මචන් උබට දරාගන්න බැරි වෙයි එක මට තේරෙනවා.. ඒත් අද උබ සේරම දැනගෙන ඕන්නම් ගෙදර පල.. උබ දැනගන්න ඕන දේවල් කීපයක්ම තියෙනවා මචන්.. පළවෙනි දේ.. උබ මේ මිනිස්සුන්ගෙ දරුවෙක් නෙවෙයි... "
YOU ARE READING
꧁ නොසිතූ ꧂ ✓
Fanfictionආදරයයි හිතේ තියන කැමැත්තයි හරි හැටි තේරුම් ගන්නට තමන්ට නොහැකි වුනොත්... අපේ හිතේ ඉන්න අපි මේ ලෝකේ ඉන්න වැඩියෙන්ම කැමැති කෙනා ඇවිල්ලා කියලා දුන්නොත් අපිට.. මේක නිකන්ම නිකන් කැමැත්තක් නෙවෙයි.. මේක තමයි ආදරේ කියලා.. තේරුම් ගන්නවද.. ඒක තමයි හදවතේ ආදර...