Without you !

216 14 1
                                    

පෙර කොටස 🌼🌼

Jimin pov

මං මොකක්ද කරලා තියන අපරාදේ !
මට කවමදාවත් කවී සමාව දෙන එකක් නෑ !
නෑ ! නෑ කවීට බෑ මාව දාලා යන්න එයා කිව්වා නේ !

Pov end

ඇදේ හිටපු ජිමින් ඇදෙන් නැගිටලා දිව්වේ .කවී ව බලන්න ඒත් ජිමින් දැක්කේ කවීගේ බොඩි එක දාගෙන  ඉස්සරහයින් යන හර්ස් එකයි පිටිපස්සෙන් යන ටේහ්‍යුන්ග් ගේ වගේම ජින් ගේ කාර් එකයි .ඒ දැකපු දේ ජිමින් ට දැනුනේ ලෝකේ ඉන්න ලොකුම අපරාධකාරයා තමන් වග ....

........අද කොටස 🌼🌼

කවී නැතිවෙලා මාස තුනක් ගියේ ඇහිපිය ගහන වේගයෙන් , කවී නැතුවුණු දවසෙ ඉදන් ජිමින් හැසිරුණේ පිස්සෙක් වගේ ...
ටේහ්‍යුන්ග් ට ,ජින් ට වත් කීකරු නොවුණ ජිමින් මේ.මාස ගාණ පුරාවට ම හිටියේ කාමරේටම වෙලා..ඩීල් එකක් වත් බලන්න යන්න ජිමින් ආවේ නෑ ...ඒත් ටේහ්‍යුන්ග් ගේ හිතේ නම් හෝසොක් ගැන සැකයක් තිබුණා .මොකද කවී නැතිවුණ දවසෙ ඉදන් හෝසොක් ව කවුරුත් ම දැක්කේ නැති නිසා....

.

.

.

.

. ජිමින් පයින්ම යන්න පිටත් වුණේ ...කවී ගේ සෙමෙන්ට්‍රි එක ළගට ලා කහ පාට ලිලී මල් පොකුරක් සෙමෙන්ට්‍රි එක උඩින් තියපු ජිමින් එතනට වෙලා ඔහේ බලන් හිටියා ....

උදේ ඉදන් හවස් වෙනකන්ම එහෙම්මම හිටියා...හවස පහට පල්ලියේ සද්දෙ ඇහෙනකොට පිටත් වුණු ජිමින් පාර දිගේ එනකොට කැබ් එකක් එක්ක ආපු කලු බයික් තුනක් ජිමින් ගේ වටේ කැරකෙරන්න පටන් අරන්.... තුන් පැත්තකින් නතර කරද්දි කළු කැබ් එකෙන් බැස්ස හෝසොක් ...කැබ් එකෙන් එළියට කවීව තල්ලු කරා ...

" අහ්....ජි...ජිමින් මාව බේර ගන්න මේ.....මේ මනුස්සා...මට කරදර කරනවා............" බිමට වැටුණු කවී නැගිටලා ජිමින් පිටිපස්සේ හැන්ගෙද්දි....ජිමින් ගල් පිළිමයක් වගේ බලන් හිටියා...

ඒත් එක්කම ජිමින් ගේ පිටිපස්සේ හිටපු කවී ට කම්මුලට පාරක් ගහනකොටම හෝසොක් ගේ බඩට පයින් එකක් ගහපු ජිමින් තමන්ගේ ළග තිබුණු ගන් එක අරන් බයික් තුනේ හිටපු උන්ට වෙඩි තියලා....එක  බයික් එකක් පන ගන්වගෙන ඔලුවෙන් කවීට කිව්වේ බයික් එකට නගින්න කියලා. ...ලස්සනට හිනා වුණු කවී ...බයික් එකට නැග්ගේ හෝසොක් වාහනේට හයියෙන් පයින් එකක් ගහනකොට.....

Mine Bad ‼️Where stories live. Discover now