Flash back

229 17 0
                                    

හෝසොක් ඇවිත් ගිහින් ටිකක් වෙලා යනකොට කවිගේ මූණේ ප්‍රශ්න වැඩිවුණා .ඒක දැකපු ටේහ්‍යුන්ග් ,ජිමින් වගේම ජින් වාඩි වුණේ ටිකක් දිග කතාවකට මුල පුරන්න වුනත්.ජන්ග්කුක් එතන ඉන්න නිසා .ජිමින් කවිට කිව්වා ටිකක් එළියට ගිහින් එමු කියලා . ජිමින් කවි ගේ අතත් අල්ලගෙනම ගෙයින් එළියට බැස්සා..

" නගින්න.." ජිමින් තමන්ගේ ෆෙරාරි කාර් එකේ දොර ඇරලා කවිට කිව්වා .

ඔලුව වනපු කවි කාර් එකට නැග්ගා .

ජිමිනුත් අනික් පැත්තෙන්.කාර් එකට නැගලා කාර් එක ඩ්‍රයිව් කළා . ඩ්‍රයිව් කරන අතරෙ ජිමින් හිතුවත් කවි එයාගෙන් හෝසොක් ගැන විස්තර අහයි කියලා ,ඒත් කවි කිසිදෙයක් අහපු නැති නිසා , ජිමින් ට පුදුම හිතුනා.
කාර් එකේ නිහඩ බව බිදින්න ජිමින් කවිගෙන් ප්‍රශ්නනයක් ඇහුවා .

" මන් කතා කරපු ගමන් , මාත් එක්ක එන්න බය හිතුන්නැද්ද..?? " ජිමින් ඇහුවේ කාර් එකේ ඉස්සරහ බලාගෙනමයි.

" හ්හ්😏 මගේ පරිස්සම් කරන්න දෙයක් නෑ ජිමින් " කවි අහක බලාගෙන ම දුන්නු උත්තරේ නිසා ජිමින් ට දැනුනා අමුතු හැගීමක් , ඒ හැගීම නිසා ජිමින් ට හිතුනා කවි එයාට වෛර කරනවද කියලා. ජිමින් ඒ හැගීමට බයවුණා .

කවි කිව්ව වචනෙත්  එක්ක ජිමින් එහෙම්මම බ්‍රේක් එක පාගන්නේ සීට් බෙල්ට එක නොදා හිටපු කොල්ලගේ ඔලුව සුක්කානමේ වැදෙනවා..

" පිස්සුද ජිමින් ??? "

කවි අහද්දි ජිමින් කදුළු පුරෝගත්ත ඇස් දෙකකින් කවි දිහා බලන් ඉන්නවා .

" ඔව් මට පිස්සු..!! මෙහෙම ගියොත් පිස්සු හැදිලා විතරක් ඉතුරු වෙන එකක් නෑ.."

" යාහ්හ්හ්හ්හ් ජිමින් දැන් ඕක නවත්තනවා 😫 " කොල්ලා ආයෙමත් සුක්කානමේ ඔලුව වද්ද ගන්නකොට කවි කෑගැහුවා  .

" ම..මන් ද..න්නවා ම..න්...මෙහෙම කියන්න සුදුසු නෑ...ඒත් මට සමාවෙන්න" ජිමින් කිව්වේ කවිගේ ඇස් දිහා බලාගෙන..කවීගේ ඇස් ජිමින් ගේ ඇස් එක්ක එකට යා වුනේ සංසාර පුරුද්දකට වගේ..

" සමාව දෙන්නම්..! ඒත්.මට ඇත්ත කියන්න..! "

" ඇත්ත.කියන්න තමයි මෙතනට එක්කන් ආවේ.." ජිමින් එහෙම කියලා කාර් එකෙන් බැහැලා කවි වත් කාර් එකෙන් එළියට එක්කන් ආවේ නිකම් පාළු තැනකට..

Mine Bad ‼️Where stories live. Discover now