Chapter 01 🌻

48 6 3
                                    

"පුතා.. නැගිටින්න ලමයෝ..වැඩට යන්නෙ නැද්ද අද.. "

"අනේ අම්මා.. තව චුට්ටක් ඉන්නම්කෝ අප්පාහ්.."

"නැගිටින්න පුතේ.. පරක්කු වෙලා ගියොත් ඔයාගෙ සර් අදත් බනී.."

පාන්දර 5.15 වෙලාව..අම්මා උදෙන්ම කිරි එකකුත් අරන් මගේ කාමරේට ඇවිල්ල හැමදාම මේ වගේ ඇහැරවනවා..මොකද කවදාවත් එලාම් එකකට ඇහැරෙන මිනිහෙක් නෙමෙයි මන්..වෙලාවකට අම්මා පව් කියලත් හිතෙනවා, හිතෙනව නෙමෙයි එයා පව් තමයි.. හැමදාම උදේ පාන්දරම නැගිටන් උයන්නෙ අපේ බඩකට පුරවන්නනෙ ඉතිම්..

( Ji yang's mother )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( Ji yang's mother )

"හිමින් බොන්න දරුවෝ හිර වෙයි ඕක.."

අම්මා ගැන හිතන ගමන් එක පිම්මට කිරි එක බොද්දි අම්මා කෑගැහුව්ව හිර වෙයි කියලා..

"අම්මා..මන් වැඩට යන්නම ඕනද අනේ..ඔයාලට බැරිද මාව පෝෂණය  කරන්න.."

"මන් කොච්චර කිව්වද මැනික, දැන්ම ඕව කරන්න එපා කියලා.. ඔයාමනෙ පන්ඩිත කමට ගියේ..මන් තාමත් කැමති ඔය රස්සාවෙන් අස් වෙලා ගෙදර ඉන්නව නම්.."

"එහෙම බෑනෙ අම්මා..ඔයාලට වද දෙන්න බෑ මට.."

" ඔයා එක්ක තර්ක කරල වැඩක් නෑ ලමයෝ..පන්ඩිත කොල්ලෙක්.."

එහෙම කියාගෙන අම්මා කාමරෙන් එලියට ගියා..මම ඉක්මනට ටවල් එකත් අරන් බාත්රූම් එකට ගියේ වොශ් එකක් දාගන්න..ඇගට වතුර වැටෙනකොට තමයි මට බොසාගෙ අම්මා අප්ප මතක් වෙන්නෙ..එක අතකින් ඒ මිනිහට බැනල වැඩක් නෑනේ..කමක් නෑ ඒ උනාට මගේ තරහ පිට කරගන්න ඌ විතරනෙ ඉන්නේ..

බොසාට දෙහි කපන ගමන් වොශ් එකක් දාගෙන එලියට ඇවිත් අම්මා තෝරල තිබ්බ ලස්සන සූට් එකත් ඇදගත්තා..

මේ ඉන්නේ ලස්සන සෝස මලක් වගේ.. මේ මූන දිහා බලන් කොහොම බනිනවද මන්ද අර බොසා..

ඉතිම් ඔයාලට මාව අදුන්වලා දෙන්න බැරි උනානේ.. මගේ නම ජී යැන්ග්..මට අවුරුදු 20 යි.. තාම පුංචි කොල්ලෙක්..මන් School එකෙන් out වෙච්ච ගමන් ජොබ් එකක් හොයාගත්තා.. මට කිසිම ආසවක් තිබුනේ නෑ යුනිවර්සිටි යන්න.. තවත් ගෙදරට බරක් නොවී ජොබ් එකක් කරන්න ඕන කියන එක තමයි මන් ඉස්සර ඉදන් හිතන් හිටියේ..ඉතිම් ඒක මගේ ආසාව නිසා අම්මයි තාත්තයි මුලින්  අකමැති උනත් පස්සෙ කැමති උනා.. කැමති උනා නෙමෙයි ඉතිම් මන් කැමති කරවගත්තා..

___________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

___________________________________________

ඉස්සරහට ජීයැන්ග් ගේ ජීවිතේ කොහොම වෙයිද?.. ඒක දැනගන්න ඉතිම් කතාව එක්ක දිගටම එකතු වෙලා ඉන්න.. මේක මගේ පලවෙනි ff එක ලමයි.. ඉතිම් අඩුපාඩු ඇති.. මන් හිතනවා ඒවා හදාගන්න ඔයාලා උදව් කරයි කියලා..❤️🌻

My Little Sunflower ❤️🌻Where stories live. Discover now