Chapter 03 🌻

41 5 4
                                    

චෙනා ගියාට පස්සේ කෑම මේසේ අස් කරන්න මන් අම්මට උදව් කලා..

" අම්මෙ තාත්තා අදත් වැඩද? "

" ඔව් පුතේ.. මේ ටිකේ එයාට වැඩ ගොඩ ගැහිලා.. හෙටත් එන්න වෙන එකක් නැ කියල තමා කිව්වේ.. "

" හ්ම්ම් "

මට තාත්තා ගැන දුකයි..එයා උදේ රෑ නොබලා වැඩ කරන්නෙ මගේ අනාගතේ වෙනුවෙන් නේද කියලා මතක් වෙද්දි ඇත්තටම දුකයි.. ඒ නිසාමයි මන් එයාලගෙ අකමැත්තෙන් ජොබ් එකකට ගියේ..
අම්මට අස් කරන්න උදව් කරලා මන් කාමරේට ගිහින් ෆෝන් එකත් අරන් ඇදට පැන්නා.. වොශ් එකක් දාගෙන කාලා කරල ෆෝන් එකත් අරන් ඇදට එනවා කියන්නෙ ඉතිම් රටක් රාජ්‍යයක් ලැබුනා වගේ සතුටක් තමා.. ෆෝන් එක බලද්දි ශුවන්ගෙන් මැසේජ් එකක් තිබුනා..

" අද නිවාඩු නේද? "

*ඔව් අද නිවාඩු.."

" මට ආසයි ඔයාව හම්බෙන්න.."

රිප්ලයි එකක් දානවත් එක්කම ආයෙමත් එයාගෙන් මැසේජ් එකක් ආවා.. ඒක දැක්කම නම් බොක්ක කූල් වෙලා ගියා.. ඇයි ඉතිම් හම්බෙන්න තියා අපි කතා කරලවත් නෑනේ..මන් දන්න එකම දේ අපි දෙන්නම එකම රටේ කියන එක විතරයි..එයා නම් මන් ගැන චුට්ටක් විතර දන්නවා.. මන් ජොබ් එකක් කරනවා කියලත් එයා දන්නවා.. ඒ වගේම මන් කොල්ලෙක් කියලත් එයා දන්නවා.. එයා නම් මට කියලත් නෑ මන් අහන්න ගියෙත් නෑ..

" මටත් ආසයි "

මන් ආයෙම රිප්ලයි එකක් දැම්මා..

"හ්ම්ම්..අපි ඉක්මනටම හම්බවෙමු බබා..."

ඔන්න ආයෙමත්.. එයා මට බබා කියන හැමවෙලේම මට මොකක්ද වෙනවා.. මුලදි නම් මන් ඕක ගනන් ගත්තේ නෑ.. ඒත් ටික දවසක ඉදන් මට අමුත්තක් තේරුනා මන් ගැනම.. මන් එයාගෙන් මැසේජ් එකක් එනකම් බලන් හිටියා.. මැසේජ් කරන ටික වෙලාව උනත් මන් හරි ආසාවෙන් වින්දා..

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
My Little Sunflower ❤️🌻Where stories live. Discover now