' ගුඩ්මෝනිම් බබා.. ඔයා ඔෆිස් එකේද?'
මැසේජ් එකක් ආපු නිසා ෆෝන් එක අතට අරන් බලද්දි ඒ මැසේජ් එක ඇවිත් තිබුනේ ශුවන් ගෙන්.. මන් ගේම් ප්ලේ කරන්න ගොඩක් ආසයි.. ඉතිම් ඔන්ලයින් ගේම් එකකින් තමයි මට ශුවන්ව හම්බුනේ.. ගේම් එකක් නිසා අදුරගත්ත අපි දැන් හුගක් හොද යාලුවෝ, හ්ම්ම් යාලුවෝ..
' ගුඩ්මෝනිම් ශුවන්.. මම තාම යනගමන් '
ශුවන්ට රිප්ලයි කරපු මම ඉක්මනට බස් හෝල්ට් එකට ඇවිත් මුලින්ම ආපු බස් එකේ නැගල ඔෆිස් ආවා.. දවස දන්නෙම නැතුව ගෙවිලා ගියා.. වැඩ ඉවර වෙලා ගෙදර එනකොට අම්මා හිටියෙ උයනගමන්..
" අම්මා මන් ආවා.."
" පුතා වොශ් එකක් දාගෙන එන්නකො.. මන් ඉක්මනට කෑම ලෑස්ති කරන්නම්.."
"හරි අම්මා.."
බඩගින්නක් තිබ්බෙ නැතත් අම්මගෙ හිත රිද්දන්න බැරි නිසා මන් වොශ් එකක් දාගෙන පහලට ආවෙ කෑම කන්න.
' අද 9 ට පුළුවන්ද? '
ඒ මැසේජ් එක ශුවන් ගෙන්.. අපි හැමදාම රෑට ගේම් එක ප්ලේ කරන්නෙ මම ෆ්‍රී රෑට නිසා..
' ඔව් ශුවන්.. 9 ට පටන් ගමු '
ඉක්මනට කෑම කාලා අම්මටත් ගුඩ්නයිට් කියල කිස් එකකුත් දීලා උඩට ගියේ දැන් නමයට කිට්ටු නිසා.. ගේම් එකට ලොග් වුනු අපි පාන්දර 1 විතර වෙනකම් ප්ලේ කලා.. ගේම් ප්ලේ කලාට වඩා අපි කලේ දෙන්න එක්ක මැසේජ් කරපු එක..
අපි කොච්චර හොද යාලුවෝ වෙලා හිටියත් එයාගෙ කිසිම තොරතුරක් මන් දැනන් හිටියෙ නෑ..එයත් එහෙමයි..අපේ පුද්ගලික කිසිම තොරතුරක් අපි දැනන් හිටියේ නෑ..අඩුම තරමෙ එයා ගෑනු ලමයෙක්ද පිරිමි ලමයෙක්ද කියලවත් මන් දන්නෙ නෑ.. ශුවන් කියල නම තිබ්බට කෙල්ලෙක් වෙන්නත් පුළුවන් නෙ ඉතින්..
ගේම් එක ප්ලේ කරල ඉවර වෙලා එයාටත් ගුඩ්නයිට් කියලා මන් නිදාගත්තේ හෙටයි අනිද්දයි නම් ඔෆිස් යන්න ඕන නෑ නේද කියල සතුටු වෙන ගමන්.. මොකද හෙට සෙනසුරදා දවසක්..
" අඩෝ නැගිටපන්.. දන්නවද දැන් වෙලාව කීයද කියල.. නැගිටපන්කො බන්.."
YOU ARE READING
My Little Sunflower ❤️🌻
Short Storyසූරියකාන්ත මලක කතාව අහල තියෙනවද?.. මේක අසම්මත ආදරයක්..ග්රීක පුරාවෘත්තයට අනුව, කාන්තාවක් ඇපලෝ දෙවියන් සමග ආදරයෙන් බැදුනා.. ඔහු සෑම දිනකම තම රන් අශ්ව රථයෙන් අහස හරහා ගමන් කටන විට, එය ඇයව පිස්සු වැට්ටෙව්වා.. ඇය ආහාර හෝ ජලය නොමැතිව දින ගනනාවක් ගත කලා...