.
.
.
..
.
.
.
.
.'යාන්! මෙහෙ වරෙන් බං හු##...'
මගෙ පව්කාර අඹයා හෙන ඈතක ඉදන් මට කෑ ගහලා කතා කළේ මං දහය වසරෙ නංගි කෙනෙක් එක්ක කතා කර කර හිටපු නිසා. යන ගමන් හිටියෙ උදේ රැස්වීමට වුණාට ඉස්කෝලෙ ඇතුළෙ තියෙන පිට්ටනියට ඇවිදන් යන්නත් දුරක් තියෙනවා. ඒ තරමට මේ පජාත ඉස්කෝලෙ ලොකුයි. පොඩි එකෙක් එවපන් ඌ අතරමං වෙනවා බුදු සුවර් මට. ඉතින් පෝලින් ගැහිලා එක රොත්තට ළමයි යද්දි අතරින් පතර මට නංගි කෙනෙක් කතා කළා 'වියාන් අයියාහ්හ්' කියලා.
හික්ස්...මුන්ට මාව දැක්කම කට කනට යනවා. එහෙමෙට මේ ළමයි හැමෝම මට ආදරෙයි. හැමෝමද කියන්න ඉතින් ඉන්න සියක් දහසම එහෙමද දන්නෙ නෑ ඒත් දන්න හැමෝම මට ආදරෙයි. තරහකාරයො නැතුවට නෙවෙයි ඒත් දන්නවද සමහර වෙලාවට ජනප්රිය වුණාම තියෙන බලේ? හැමෝම ඔයාට කැමති නැති වුණත් හැමෝම ඔයා කවුද කියලා දන්නවා කියන එක.
එක අතකට ජනප්රිය වුණාම මල ඇනයක් වෙනවා ඒක. හැමෝම පස්සෙන් එනවා....වෙන එන්න තැන් නැද්ද මං අහන්නෙ?
සමහරු ආඩපාලි කියද්දි මට අපහාස කරද්දි මං කරන්නෙ හිනාවක් දෙන එක. සිරාවටම බං උන්ට ඒක වදිනවා. හොඳින් සලකන අයට එක විදියක් නරකින් සලකන අයට තව විදියක් මම. ඉස්කෝලෙ ගේම්ස් කැප්ටන් වුණ පලියට සමහරු හිතන් ඉන්නෙ මගෙ ලොකු සීන් කියලා. නැත්තං මට පොඩි සීන් දාගෙන ඒ හැලප ගොබ්බයො වගේ මෙලෝ සසරක් නොකර ඉන්නද කියන්නෙ? ඔය කියන උන්ගෙ ලොකු සීන් නෑ වගේ හරියට. කට තියන් ඉන්න බැරිකම. මොකක්මහරි දවසකට කාටහරි ඇම්මක් ඇල්ලුවෙ නැත්තං පඩයක් ගියෙ නෑ වගේ.
මේ වගේ ගොබ්බයොන්ව බය කරන් ඉන්න නම් ඔන්න පවර් එක මගෙ අතේ. හැමෝම වගේ කැමතිද අකමැතිද නෙවේ සේරම බයයි මට. මං ගිලිනවා කියලා නෙවෙයි මගෙ කේන්තිය නිසා ඒ. දවසක් දහය වසරෙදි කොල්ලෙක් මගෙ පස්සෙන් ඇවිත් ඕකා මාව අත පත ගාන්න ගිහින් ඌව බෙල්ලෙන් අල්ලලා තාප්පෙකට විසි කරලා දැම්මා මං. ගිහින් උගෙ ගෙවල මොලේ හෙල්ලෙන්නම වැදුනා පාරක්. පොර මට ගහන්න නැගිටින්න කලින්ම එතනින් මැඩම් කෙනෙක්ගෙ කුඩයක් උස්සන් ගිය කෙල්ලෙක්ගෙන් මං කුඩේ අතට අරන් ගිහින් උගෙ කන හරහා ශොට් එකක් දුන්නා සිහි නැති වෙන්නම. පස්සෙ එතන මල ජංජාලියක් වුණේ සර්ලා මිස්ලා ඇවිත්. මං වෙච්ච දේ කිව්වට මොකද ඒ මිනිස්සු මගෙ දිහාත් අමුතුවට බැලුවා. ඉතින් යකෝ මං මොනා කරන්නද ඌ මට කැමති වුණා කියලා? දිගින් දිගටම කිව්වා මං ස්ට්රේට් කියලා. මලාට පිළිගත්තෙ නෑ ඔය හිවලා. අන්තිමට මට කටකතා හැදුනා මං අරමයි කියලා. ඒකෙන් පස්සෙ තමයි කොල්ලොත් තව එකා දෙකා පැණි හලන්න ගත්තෙ. මුන්ට ආතල්. මට පතල්.
YOU ARE READING
කුමාරයෝ
Non-Fiction"මගෙ සිහිනේ වසන්තයේ...ප්රේමයේ කාර්තුවයි නිල් දෑසේ දිස්නයයි...අකීකරුයි ජීවිතේ හිරිමල් මගේ විසල් අහසේ...පායන් කුමාරයෝ ආලෙ අරන් හිනහී ඉතින් සැනසෙන්..කුමාරයෝ එනු මැනේ මා හා...මේ ගීතේ ගයා තව දුරක් නම් නොයා..නොපෙනෙන ක්ෂිතිජය සොයා තරුවක් වාගේ මේ දිවියේ...