මෙනෟත්තක්ද යකෝ මේ වෙන්නෙ???'හ...හා...මිස්...කමක්..නෑ ඒක....'
බෑ කියන්නද මිස් එහෙම අහද්දි? වෙන කියන්න දෙයක් නැති කමට හා කිව්වා ඉතින්.
'හරි...එහෙනම් ආයෙ පාරක් කරන්නකො මෙයත් මේ පාර බලලා කියයිනෙ...'
'හරි මිස්...'
නංගියි මායි කියලා ආයෙ අපෙ පොසිෂන් එකට ගියේ මිස් අරූගෙ අතට ෆෝන් එක දෙද්දි.
'අයියෙ ඒ අර අලුත් පොර නේ? ඌ මොකටද අනේ ආවෙ වෙන වැඩ නැතුවටද...'
නංගි මගෙ කන ගාවට ළං වෙලා කිව්වම මං උරහිස් ඇකිලුවා 'අනේ මන්දා' කියලා. මටත් ලොකු ප්රශ්නයක් ඇයි මූ අපිව බලන්න ඇවිත් තියෙන්නෙ කියලා. අනෙක උට ඩාන්සින් පුළුවන්ලු හොඳට??? මුට ඒකත් පුළුවන්ද දෙයියනේ....
කොහොමහරි අපි දෙන්නා නැටුම පටන් ගනිද්දිත් මට ඇස් කොනින් පෙවුනා අරූ බලන් ඉන්න විදිය. ඒකගෙ මූණෙ එවෙලෙ හිනාවකුත් උගෙ රැවිල්ලවත් නෙවෙයි තිබ්බෙ නිකං අර අමුතු බැල්ම ඌ එකවෙලාවකට දාන...අන්න එහෙම බලන් හිටියෙ. මටත් වඩා නංගි දිහා ද කොහෙද ඌ බලන් හිටියෙ.
මට මල පැන්නා ඒකට නම්...
මල පැන්නෙ ඌ මගෙ නංගි දිහා එහෙම බලන් ඉන්න නිසා ඇයි අනේ.....හුම්.
මං ඒකට මල පැනලා නිසාම මූණ එල්ලන් හිටියෙ ඒකට රව රව. ගෝතයා...
'Stop...'
අපි දෙන්නවම නැටුම අතරතුර නැවතුණේ ඌ එහෙම කියලා සිංදුවත් ස්ටොප් කරද්දි.
'ඇයි පුතේ?'
මිස් ඇහුවෙ අපි දෙන්නත් ඌ දිහා බලන් ඉද්දි.
'නංගි නම් stiff වැඩියි...ඔයා ඔයාගෙ ඇඟ පොඩ්ඩක් ලිහිල් කරගන්න..ඔයාව flex වෙනවා මදි. ඒකයි හදාගන්න ඕනෙ..නැත්තං වෙන අවුලක් නම් පෙනුනෙ නෑ. අයියා නම් හොඳට කළා...අයියටත් නංගිගෙ පාට්ස් පුළුවන් වෙයි මං හිතන්නෙ. උඹට පුළුවන් නම් නංගිට එයාගෙ පාට්ස් stiff නැතුව නටලා පෙන්නන්න එතකොට ටිකක් තේරුම් ගනියි වෙන්න ඕන විදිය.'
හෑ.....?....මොකද්ද ඒ කිව්ව වුකන කතාව....
'සොරි....මට කපල් ඩාන්ස් හුරු නැති නිසා ඒ...'
YOU ARE READING
කුමාරයෝ
Non-Fiction"මගෙ සිහිනේ වසන්තයේ...ප්රේමයේ කාර්තුවයි නිල් දෑසේ දිස්නයයි...අකීකරුයි ජීවිතේ හිරිමල් මගේ විසල් අහසේ...පායන් කුමාරයෝ ආලෙ අරන් හිනහී ඉතින් සැනසෙන්..කුමාරයෝ එනු මැනේ මා හා...මේ ගීතේ ගයා තව දුරක් නම් නොයා..නොපෙනෙන ක්ෂිතිජය සොයා තරුවක් වාගේ මේ දිවියේ...