_ 01 _

300 18 36
                                    

වෙලාව පස්වරු තුනයි තිහයි... හීන් පොදේ ගහන වැහි බින්දු.. වැහිබින්දු තබ සතේකට මායිම් නොකර දාගෙන ඉන්න හෙල්මට් එකේ පිහිටෙන් ඔලුව විතරක් යාන්තමට බේරගෙන රාං කිරිල්ලි වගේ හැටට හැටේ වේගෙන් ඉයර්පෝන් එකත් කනේ ගහගෙන බයික්කේ පදවන තරුනයෙක් ... හොදට බැලුවොත් අහසින් වැටෙන පොදේට අමතරව ඇස් දෙකත් ලාවට තෙමිලා තියෙන විදිහට පේන්නෙ වෙන මුකුත් නෙමෙයි ඒ තරුනයාගේ හිත අස්සේ පොදි බැදන් තියෙන බර ... උරහිස උඩ ගොඩගැහුනු වගකීම් ... බැදිම් නිසාම තුවාල උන හිත ... කැඩුනු බිදුනු හිතක් එක්ක ඔහු මේ යන්නෙ තමන්ගේ මානසික සුවය වෙනුවෙන් පොඩි විවේකයක් වෙනුවෙන් ...

" ම්ම්ම්.. කියපන් බල්ලො ... තෝ නහින්නෙ මන් මැරෙන්න යනවා වගෙනේ...!!! "

"..............................................."

" අනේ බන් අකේනයා ... තව මැරෙන්න දෙයක් තියෙනවද බන් දැනටම මලකදක් වගේ .. අනුන් වෙනුවෙන්නෙ බන් මන් ජීවත් වෙන්නෙ ... "

"......................................."

" නෑ ... නෑ .... කිසිම වෙනසක් නෑ බන් මේ තීරනේ ... මට ටිකක් තනියෙන් ඉන්න ඔනි බන් ... මෙහෙම ගියොත් මට පිස්සු හැදෙන එක තමයි වෙන්නෙ.... "

"......................................."

" ගෙදර මිනිස්සු එක්කත් රන්ඩු වෙලා හු## මේ තීරනේ ගත්තේ ..... අනික මන් එලෙවල් වලට බන්ඩාරවෙල ස්කොලෙකට ඇප්ලිකේශන් දාලත් ඉවරයි පගෝ ..... එලෙවල් ඉවර වෙනකන් මන් මෙහෙ එච්චරයි...!! උබ ඔහොම නෙමෙ ඔලුවෙන් හිටගත්තත් මගෙ තීරණේ වෙනස් කරන් නෑ ... අනික මන් මනුස්සයෙක් බන් ...."

"...................................."

" මන් දන්නවා උබ මගේකා .. උබට මාව තේරෙනවා... ම්ම් අඩෝ බල්ලො වැස්සෙ මේ රයිඩ් කරන්නෙ .. මන් ගිහින් කෝලක් ගන්නම් ඈ ... "

" ..................................'

" හරි... හරි යකෝ .. මන් තිබ්බා "

මුරුන්ඩුකාරයෙක් විදිහට කෝල් එක කට් කරපු තරුනයාගෙ නම යෙතුම් මන්තීශ් සස්යුග එදිරිමාන්න ....... කලු පැහැති ඇස් දෙක්කට හිමිකාරකම් කියන ඒ ඇස් දිහා කෙලින් බලන කෙනෙක්ව අතරමන් කරගන්න පුලුවන් තරම් ගැබුරු ගුප්ත ඇස් දෙකක් තව දකින ඔනීම කෙනෙක් දෙපාරක් හැරිලා බලන තරම් කඩවසම් පෙනුමක් ... කේන්තිකාර ගුප්‍ත කියවන්න අමාරුම චරිතයක් ... කියවන්න අමාරු තරමටම කියවන්න ආස හිතෙන ගුප්ත තරුනයෙක් ..

°_ REBIRTH _° ( Yizhan ) 𝘖𝘕𝘏𝘖𝘓𝘋Where stories live. Discover now