ඉතින් යේතුම් පලවෙනියට ස්කෝලෙට පා තබන දිනයත් ආවා .. පලවෙනියට කිව්වට ඉන්ටවිව් එක දවසේ යේතුම් ස්කෝලේ ආවා ... ඉන්ටවිව් එක දවසෙම අදාල සුදුසුකම් තියෙන ලමයින්ට ඇඩ්මිශනුත් හම්බුනා ... ස්කූල්පීස් එක ගෙව්වම ඉතින් එදාම ස්කූල් පීස් අනම්බනම් ගෙවලා ස්කූල් බැජ් එහෙමත් සල්ලි දීලාඅරගෙන එකදවසින් ඔක්කොම වැඩ කරගෙනයි මීගමුව වෙන උපන් නගරෙට පිටත් උනා ...
උදේම නැගිටලා ජොගින් පාරක් ගිහින් ආපූ මේතුන් හතට විතර ලෑස්ති වෙන්නපටන් ගත්තේ ස්කෝලෙන් ආපු ලිවුමේ 8.30 වෙද්දි ස්කෝලේ ඉන්න කියලා තිබුන නිසා ... ලෑස්ති වෙලා කන්නාඩියෙන් බලද්දි උසට ගැලපෙන මනා පෞරුශයක් තියෙන ඕනිම අයෙක් දෙපාරක් හැරිලා බලන කොලුවෙක් තමයි ඉදියේ ... අන්තිමට මේතුන් එයාගේ ෆේවරිට් පැන්ඩා බේබී හෙයාර් ඔයිල් එකෙන් බින්දු දෙක තුනකුත් අතට අරන් කොන්ඩේ ටිකක් පිටිපස්සට වෙන්න හදාගත්තා ...
" ප්‍රර්ෆෙක්ට් ... ඔය ඉන්නෙ මිස්ට හැන්ඩ්සම් වගේ .... "
යුනිෆෝම් එක ඇදලා ලෑස්ති උන යේතුම් ස්කෝලේ යුනිෆෝම් එක ගද්දිම සල්ලි දීලා ගත්තු ස්කූල් ජර්සී එකත් දාගත්තා ... බන්ඩාර්වෙල පැත්තම සාපේක්ශව අනික් පැතිවලට වඩා සීතලයි ... ඉතින් මෙහෙ පැති වල සමහර ස්කෝලවල් වල ඒ ස්කෝලවල් වලටම ආවේණීක ස්කූල් ජර්සී තියෙනවා ... වෙන ජර්සී ඇදන් එන්න පුලුවන් ඒත් ගේට්ටුවෙන් ඇතුලට අදින්න බැහැ... බැහැ කිව්වට සුදු ජර්සීනම් අවුලක් නෑ ඉතිම්,,. යේතුම් යන මික්ස් ස්කූල් එකේ ජැකට් එක මෙරුන් පාටට හුරු රතු පාටක් ...
ඉතින් යුනිෆෝම් එකට උඩින් ජැකට් එකත් යේතුම් දාගත්තේ උදෑසන සීතල නිසා බන්ඩාරවෙලටත් වඩා දියතලාව සීතලයි වගේ මොකද හැමවෙලේම වගේ ඇද හැලෙන චුරු චුරු වර්ශාව .. කඩාගෙන වැටෙන්න ඔන්න මෙන්න තියෙන වැහි වලාකුලින් බර වුනු අහස ....
" චූටි පුතේ .... චූටි පුතේ ... "
ලෑස්ති වෙලා ඉවර වෙද්දිම ආච්චම්මගෙ කටහඩ ඇහුන නිසා යේතුම් කාමරෙන් එලියට ආවා .. මේ දවස් කීපෙට ආච්චම්මයි යේතුමුයි දෙන්නාට හොද බැදීමක් ඇති වෙලා තිබුනා ...
ආච්චම්මගෙ ලොකු පුතා රට වෙද්දි පොඩි පුතා ලන්කාවෙම ඉන්නවලු එයාත් බන්ඩාරවෙල ඉන්න ව්‍යාපාරිකයෙක්ලු ... එවගේම එක පුතෙකුත් ඉන්නවලු ඒ පොඩි පුතාට .. මේවා ඉතින් ආච්චම්මා එක්ක කතා කර කර ඉද්දි යෙව්තුම්ට දැනගන්න ලැබුනු විස්තර .....
YOU ARE READING
°_ REBIRTH _° ( Yizhan ) 𝘖𝘕𝘏𝘖𝘓𝘋
Fanfictionසිසිල්ගිණි යටින් උපන් ජීවිතයේ ... ප්‍රේමයේ යලී උපත ...~ @𝚈𝚒𝚣𝚑𝚊𝚗 @𝚜𝚌𝚑𝚘𝚘𝚕𝙻𝙾𝚅𝙴𝚜𝚝𝚘𝚛𝚢 @𝚋𝚕 𝚂𝚝𝚊𝚛𝚝 - 2024 / 03 / 05 𝙴𝚗𝚍 - ??