ජන්කුක් හිතුවටත් වඩා ඒ ඉස්කෝලෙ ලොකු නිසා එයාට ඒ දවසේ සම්පූර්ණ ඉස්කෝලෙම බලාගන්න බැරි උනා. ඇත්තම කිව්වොත් එහෙම කියපු ටේහ්‍යුන් හිතා මතාම ජන්කුක්ව සමහර පංති කාමර වලට අරගෙන ගියේ නෑ එකම එක හේතුවක් නිසා..
පෝය දවසට පහුවදා ආපහු ඉස්කෝලෙ පටන් ගන්න නිසා ජන්කුක්ව හොස්‍ටල් එකට දාපු ටේහ්‍යුන් ආපහු ගියේ ඊලග දවසේ 7:45ට ඉස්කෝලෙ පටන් ගන්නවා කියලා ජන්කුක්ට මතක් කරමින්.
ජන්කුක් හිටිය කාමරයේ තවත් ඇදවල් දෙකක් තිබ්බා. ඒත් අද ඒ ලමයි ගෙවල් වලට ගිහින් තිබ්බ නිසා එයාලා රූම් එකේ හිටියේ නෑ. ඒත් එයාලා ආපහු හෙට උදෙන්ම එනවා.
ටේහ්‍යුන් කිව්ව විදිහට හෙට තමයි හැන්ගුවෙස්ට් පාසලේ අලුත් වාරය ආරම්භ වෙන්නෙ. ඇත්තම කිව්වොත් මේ ඉස්කෝලෙ ටිකක් අමුතුයි කියලා ජන්කුක්ට දැනුනා. ඒත් ඒ ගැන ලොකුවට නොහිතුව ජන්කුක් ඉක්මනට වොශ් එකක් දාගෙන ඇදට පැන්නෙ සෝල් වල ඉදන් කෝච්චියේ ආපු එකටත් එක්ක එයාට දැනුනු මහන්සියට ලොකු නිදිමතක් එද්දි.
_________________
" එක්ස්කියුස් මී සර් ජින්.. "
උදෙන්ම හැන්ග්වෙස්ට් පාසලේ පලවෙනි කාලපරිච්ඡේදය පටන් ගත්ත ගමන්ම පංතියක් ඉස්සරහට ආව ටේහ්‍යුන් ඒ පන්තියේ ඒ වෙලාවෙ උගන්වමින් හිටිය ජින්ට කතා කලා.
" අහ් ටේහ්‍යුන් සර්.."
පන්තියේ දොරකොඩින් එයාට කතා කරනවා ඇහුනාම බ්ලැක් බෝඩ් එකේ මොනාහරි ලියමින් ලමයින්ට උගන්වමින් හිටිය කඩවසම් කෙට්ටු වගේම උස සර් කෙනෙක් අනිත් පැත්තට හිනා වෙලා කතා කලා.
" ලමයි මං එනකන් මේ ටික ලියාගන්න.. "
පන්තියේ හිටිය ලමයින්ට බ්ලැක් බෝඩ් එක පෙන්නන ගමන් එහෙම කිව්ව ජින් ස්ටේජ් එකෙන් බැහැලා ටේහ්‍යුන් ඉන්න තැනට ආවා.
" ගුඩ්මෝනිම් හියුන්.. "
ලස්සනට හිනා උන ටේහ්‍යුන් ජින්ට සුභ පැතුවා.
" ගුඩ් මෝනිම් ටේ.. ඉතින් මොකෝ උදෙන්ම මේ පැත්තෙ? "
ජින් හිනා වෙලාම ඇහුවා.
YOU ARE READING
🆃︎🅷︎🅴︎ 🅼︎🅰︎🅶︎🅸︎🅲︎🅰︎🅻︎ 🆁︎🅴︎🅰︎🅻︎ 🅴︎🆂︎🆃︎🅰︎🆃︎🅴︎
Fanfictionආදරේ අන්ධයිලු.. ඒත් කිසිම දේකින් අපි අන්ධ වෙන එක හොදයිද? අපේ ජීවිතේ කාගෙ හරි චෙස් බෝඩ් එකක් උඩ ඒ චෙස් ප්ලේ කරන කෙනාගේ කැමැත්තට වැඩ කරන, එයාගෙ කැමැත්තට එහෙට මෙහෙට වෙන, එයාගෙ දිණුමට විතරක්ම පාවිච්චි වෙන දෙයක් වෙන්න පුලුවන්! අන්න ඒකයි අපිට කිසිම මොහොතක...