Part 12

35 8 0
                                    

The magical real estate
Part 12

_________________

ම්- මොකද්ද ඔයා කියන්නෙ? අපිට බෑ ඒ අයව සර් හෝසොක්ට භාරදෙන්න!!

ටේහ්‍යුන් ඉදගෙන හිටිය පුටුවෙන් නැගිටලා තමන්ගේ ඉස්සරහා තිබ්බ මේසෙට අත් දෙකෙන්ම ගහලා කෑගැහුවේ නැම්ජූම්ගේ මුලු කැබින් එකම දෙදරලා යන තරම් සද්දෙන්.

මම දැනගන්න කැමතීයි ඇයි ඒ කියලා.

මේසෙට එක අතක් තියාගෙන ඒ අතින්ම නලල අතගාගන්න ගමන් නැම්ජූන් ඇහුවේ හරියට නිකන් මේ ගැන කතා කරලා එයාට දැන් මේ මාතෘකාවම එපා වෙලා වගේ.

එයා- එයා-

ඇයි කියන්න දෙයක් නැද්ද?

ටේහ්‍යුන් ගොතගහද්දි නැම්ජූන් ඔලුව උස්සලා ටේහ්‍යුන් දිහා බලලා ඇහුවා.

නෑ තියෙනවා.. අපිටයි පැවරුනේ එයා ලොකු වෙනකන් අවශ්‍ය අධ්‍යාපනය දීලා පුරුදු පුහුනු කරන්න.

ඉතින් දැන් එතකොට ටේහ්‍යුන් කියන්නෙ සර් හෝසොක් ලගට ජන්කුක්ව යැව්වාම සර් හෝසොක් ජන්කුක්ව පුරුදු කරන්නෙ නැති වෙයි කියලද? ටේහ්‍යුන් ඔයාම හොදින් දන්නවා අපිට වඩා සර් හෝසොක් මේවගේ අයව කොච්චර හොදින් පාලනේ කරලා ට්‍රේන් කරවනවාද කියලා කියන්න.

නැම්ජූන් ටේහ්‍යුන් දිහා බලාගෙන ටිකක් තදින් කිව්වාම ටේහ්‍යුන් එයාගෙ අත් දෙක තදින් මිටමොලව ගත්තා.

ඒත් එතකොට එයාට අධ්‍යාපනයක් ලැබෙන්නෙ නෑ! සර් හෝසොක්ගේ ගේ තියෙන්නෙම හිමාල කන්ද මුදුනේ කියලා සර් දන්නෙ නැද්ද? නැත්තම් නොදන්නවා වගේ රගපානවද? ඒ වගේ තැනක කොහෙන්ද ඉගෙනගන්න සුදුසු වාතාවරණයක්??

ටේහ්‍යුන් දිගින් දිගටම කේන්තියෙන් කෑගැහුවා.

ටේහ්‍යුන්.. අහන්න. ජන්කුක්ට අවශ්‍ය සාමාන්‍ය ලමයෙක්ට අපි ලබාදෙන දැනුම නෙමෙයි. එයාට අවශ්‍ය ඊට වඩා වැඩි යමක්. එයා මේ දේවල් දැනගත්තා කියලා වැඩක් නෑ එයාට. සර් හෝසොක් ඒ දේවල් ගානට කරාවි.

තමන්වම සන්සුන් කරගන්න හුස්මක් අතෑරපු නැම්ජූන් කිව්වම ටේහ්‍යුන් ඇස් ලොක් කරගත්තා. ඇයි මේ නැම්ජූන් ජන්කුක්ව යවන්නම හදන්නෙ?

🆃︎🅷︎🅴︎ 🅼︎🅰︎🅶︎🅸︎🅲︎🅰︎🅻︎ 🆁︎🅴︎🅰︎🅻︎ 🅴︎🆂︎🆃︎🅰︎🆃︎🅴︎Where stories live. Discover now