The magical real estate
Part 13___________
"ම්- මොකද්ද ඒ උනේ?"
ටේහ්‍යුන්ට දැනුනේ එයාගේ ඔලුව කැරකෙනවා වගේ. රූප දෙක දෙක පේනවා වගේ. කන් දෙක අගුලු වැටිලා අහන් ඉන්න අමාරු තරමට තීව්‍ර සීනුවක් කන් ඇතුලේ ගහනවා වගේ ටේහ්‍යුන්ට දැනුනා. ටේහ්‍යුන් බිම වැටිලා තමන් දිහාවට දුවගෙන එන යුන්ගි දිහා ඔහේ බලාගෙන හිටියා.
දුවගෙන ආව යුන්ගිට ටේහ්‍යුන්ගේ කම්මුලට තට්ටු කරලා එයාව හොද සිහියට ගන්න ටික වෙලාවක් ගියා.
හරි සිහියට ආව මුල්ම විනාඩියේදීම යුන්ගි ගෙන් කලින් එයා දැක්ක දේ ගැන ඇහුව ටේහ්‍යුන් ඊලගට යුන්ගිගෙ උරහිසට උඩින් ඇස් දාලා තවමත් හරි කෙලින් මායා කූඩුවේ නොපෙනෙන බිත්තිය ලගින් හිටගෙන බෙල්ල චුට්ටක් ඇල කරලා හරි අමුතු ලා හිනාවක් මූනෙ ඇදගෙන නිම වැටිලා ඉන්න තමනුයි යුන්ගීයි දිහා බලාගෙන ඉන්න ජන්කුක් දිහා බැලුවා.
ඇත්තෙන්ම ඒ වෙලේ ටේහ්‍යුන්ට ජන්කුක්ව පෙනුනේ හරියට උමතු වෙච්ච මනුස්සයෙක් වගේ. ඒ මූනේ තිබ්බ බැල්ම හරියට ධාම ඝාතකයෙක් තමන්ගේ ගොදුර දිහා බලාගෙන ඉන්නකොට තියෙන බැල්මක් හා සමාන උනා.
"ඒ දිහා බලන්න එපා."
තමන්ගේ උරහිසට උඩින් ටේහ්‍යුන් ජන්කුක් දිහා බලාගෙන ඉන්නවා දැක්ක යුන්ගි ටේහ්‍යුන්ගේ කම්මුලට අතක් තියලා තමන්ගේ මූන දිහාවට ටේහ්‍යුන්ගේ මූන හරවගත්තා.
"ඇයි?"
"එයා ඔයාව වසගයට ගනීවී.."
හුස්මක් පහල හෙලුව යුන්ගි කිව්වෙ ටේහ්‍යුන්ගේ ඇස් ලොකු වෙනකොට.
"ඒත් මායා කූඩුව-"
ටේහ්‍යුන් කියන්න ගිය දේ තේරුන යුන්ගි ටේහ්‍යුන්ගේ කතාව මැද්දෙන් නැවැත්තුවා.
"අහන්න.. ජන්කුක් කියන්නෙ අපි කාටත් වඩා බලවත් කෙනෙක්. සාමාන්‍ය අපි වගේ අය හදපු මායා කූඩුවෙන් ජන්කුක්ගේ බලයන් 98%ක් වගේ සීමා කරලා තියන්න පුලුවන් උනාට 2%ක් වගේ ප්‍රමාණයක් සීමා කරන්න අපිට බෑ.
ජන්කුක් හැදුවේ දැන් ඔයාව වසගයට අරගෙන ඔයාගෙ මාර්ගයෙන් මේ කූඩුව බිදගන්න."
YOU ARE READING
🆃︎🅷︎🅴︎ 🅼︎🅰︎🅶︎🅸︎🅲︎🅰︎🅻︎ 🆁︎🅴︎🅰︎🅻︎ 🅴︎🆂︎🆃︎🅰︎🆃︎🅴︎
Fanfictionආදරේ අන්ධයිලු.. ඒත් කිසිම දේකින් අපි අන්ධ වෙන එක හොදයිද? අපේ ජීවිතේ කාගෙ හරි චෙස් බෝඩ් එකක් උඩ ඒ චෙස් ප්ලේ කරන කෙනාගේ කැමැත්තට වැඩ කරන, එයාගෙ කැමැත්තට එහෙට මෙහෙට වෙන, එයාගෙ දිණුමට විතරක්ම පාවිච්චි වෙන දෙයක් වෙන්න පුලුවන්! අන්න ඒකයි අපිට කිසිම මොහොතක...