The magical real estate
Part 8.....................................
🚫⚠️️කිසිම අයුරකින් මෙම කතාව උපුටාගැනීම හෝ තවත් තැනක පල කිරීම සපුරා තහනම්. එසේ පලකිරීමට අවශ්‍ය නම් කරුණාකර මාගෙන් ඒ සදහා අනුමැතිය ලබාගන්න⚠️️🚫
........................................." යටත් වෙයන්.. "
කඩුව ඉස්සරහට දික් කරපු ලමයා අණ කලේ යෝල්ශික්ට. ( මේකෙ සෑම් කාරයාගෙ ඇත්ත නම යෝල්ශික් හොදේ.. සෑම් කියන එක නිකං විකාරයි වgay🙂 ඒ නිසා මං යෝල්ශික් කියලා දාල්ලං)
" කවදාවත්ම නෑ.."
බය හිතෙන හඩකින් එහෙම කෑගැහුව යෝලිශික් අහස දිහා බලලා කාටවත් ගහන්න බැරි විදිහේ අමුතු තාලෙක විසිල් එකක් ගැහුවේ හැමෝවම ව්‍යාකූල කරවමින්. ඒ තාලය අවසන් වේගෙන එනවාත් එක්කම මුලු පරිසරයම කැලබෙන්න ගත්තේ ගස් පවා ගැලවෙන තරමේ තද සුලගක් එක්ක.
ඒත් මේපාර ගුරුවරු හැමකෙනාම යෝල්ශික්ට විරුද්දව සටන් කරන්න පටන් ගත්තා. එක එක්කෙනා තම තමාගේ බලයන් වලින් යෝල්ශික්ට පහරදෙනකොට යෝල්ශික්ට ඒ හැම එකකින්ම බේරෙන්න අමාරු උනා. අමාරු උනාටත් වඩා එයා ඒවා වලින් හිතලම බේරුනේ නෑ කියලත් කියන්න පුලුවන්.
" මට සතුටුයි උබලගේ උත්සවේ කාබාසිනියා කරන්න මට ලැබුනු එක ගැන.. "
නිකන්ම නිකන් තද සුලගක් විතරක් ඇති කරවපු යෝල්ශික් හැන්ගුවෙස්ට් වල ගුරුවරුන්ගේත් ප්‍රහාරවලට ලක් වෙලා හිටියත් තවමත් පිස්සෙක් වගේ හිනාවෙමින් හිටියා.
" අපි පස්සෙ හම්බෙමු.."
දෑත් දෙපසට විහිදුවලා එහෙම කිව්ව යෝල්ශික් ඊලගට හැමෝම බලාගෙන ඉද්දිම එතනින් අතුරුදහන් වෙලා ගියා. ඒත් ඔහු ගියත් යෝල්ශික් ඇතිකරලා ගිය සුලග ඒ විදිහටම තිබුනා. කඩුව දෙපාරක් දෙපැත්තට වැනුව ඒකෙ
"අයිතිකාරයා" සුලග නවත්තලා දාලා ආපහු අහස පැහැදිලි කරලා දුන්නා." හැමෝම හොදින් නේද?"
පිටිපස්ස හැරුනු කඩුවේ අයිතිකරු ගුරුවරුන්ගෙන් ආධිපත්‍ය පතුරන කටහඩකින් අහද්දි හැමෝම ඔව් කියන්න ඔලුව වැනුවා. යෝල්ශික් ලොකුවට පහරදුන්නේ නැති නිසා එයාලා කාටවත් තුවාලයක් වෙලා තිබ්බේ නෑ.
YOU ARE READING
🆃︎🅷︎🅴︎ 🅼︎🅰︎🅶︎🅸︎🅲︎🅰︎🅻︎ 🆁︎🅴︎🅰︎🅻︎ 🅴︎🆂︎🆃︎🅰︎🆃︎🅴︎
Fanfictionආදරේ අන්ධයිලු.. ඒත් කිසිම දේකින් අපි අන්ධ වෙන එක හොදයිද? අපේ ජීවිතේ කාගෙ හරි චෙස් බෝඩ් එකක් උඩ ඒ චෙස් ප්ලේ කරන කෙනාගේ කැමැත්තට වැඩ කරන, එයාගෙ කැමැත්තට එහෙට මෙහෙට වෙන, එයාගෙ දිණුමට විතරක්ම පාවිච්චි වෙන දෙයක් වෙන්න පුලුවන්! අන්න ඒකයි අපිට කිසිම මොහොතක...