:මගේ ලොකු පුතු
:කියන්ට අපේ අප්පච්චි
:අයිස් පළමක් අරන් දෙන්ටද පුතුට
:හ්ම් හා අපේ අප්පච්චි
:වෙනදා එකෙන්ම නෙව
:ඔව් අපේ අප්පච්චී. අප්පච්චි දන්නවා නෙව මම ආසම ඒකට කියලාඅපේ අප්පච්චි වෙනදා වගේම ලග තිබ්බ කඩේට ගොඩ උනේ මම අප්පච්චි දිහා බලාගෙන ඉන්න කොට. අපේ අප්පච්චි ඉස්සර වගේමයි. ඉස්සර මූණමයි. දැන් උන්දැගේ වයස පනස් හතක් කියනවා අහගෙන අපේ අම්මා. අපේ අම්මට වඩා අපේ අප්පච්චි අවුරැදු දහයක් වැඩිමල් කියනවත් මම අහගෙන. ඒත් අපේ අප්පච්චිට අවුරැදු හතලිස් පහට වැඩියි කියල කියන්නවත් බැරි තරමටම තාම කඩවසම්. මම ආසම අයිස් පලම් දෙකක්ම අරගෙන අප්පච්චී මගේ ලග ආපහු ඉද ගත්ත.
:ආ පුතු ගන්ට
:බොහොම පින් අපේ අප්පච්චිටමගේ ඔලුව අත ගාපු අප්පච්චි හිමීට අයිස් පළම කන්න පටන් ගත්ත. මම ඈත පේන දළදා මාලිගාව දිහා බලාගෙන මගේ අයිස් පළම කෑවා
:ලොකු පුතු
:කියන්ට අපේ අප්පච්චි
:හෙට හවස පූජාවට එමුද පුතු අපි
:හා අපේ අප්පච්චි
:කොලබ රටට යන්ට කලින් දලදා හාමුදුරුවන්ට බාරයක් වෙලා පලයන් මයේ පුතු
:එහෙමයි අපේ අප්පච්චි
:උන්නාන්සෙ මගේ පුතුව ඇස් දෙක වගේ රැක බලා ගනී
:එහෙමයි අප්පච්චි. අප්පච්චි...
:කියන්ට පුතු
:මට අප්පච්චියි අම්මයි දාලා යන්ට බැරුවා නෙව
:මමයි අම්මයි උබව ඈතට යවන්නෙත් මනාපෙන් නොවේ මයේ පුතු. දුර යවන්ට බැරි නිසාමයි නුවර වාසිටියට උබව ඇරියේ හැම හවස් දොහේම උබ ගෙදර ආ නිසා. ඒත් කොලබ රට ඉදහන් කෝමදෑ එහෙම කොරන්නේ. අම්මත් ඊයේ රෑ වරුවක් විතර කදුලු හැලුවා උබ දුර යන සෝකෙට. මැණිකේ විතරක් නම් මදෑ සදාත් මම අහගෙන මැණිකේ එක්ක කියවා කියවා කදුලු හලනවා ලොකු බේබි හාමු නැතුව ගෙදර පාලුවට යාවිය කියලා
:පිලිගැනීමේ උත්සවේට අප්පච්චියි අම්මයි පොඩියි පොඩ්ඩියි එනවා නෙව
:එනවා මයේ පුතු. අපිටත් ආසයි නෙව ඉස් ඉස්සෙල්ලාම අපේ කොල්ලො යුනිපෝම් එකෙන් බලන්ට කාටදෑ ආඩම්බර. මේ දේවක කියන උබේ අප්පච්චිට නෙව. මයේ පුතු පරිස්සමට ඉන්න ඕන කොලබ රටට ගොහිල්ල. වැටහුනා නෙව
:එහෙමයි අපේ අප්පච්චි
:කොලබ රට තනිකරම හරී වෙනස් මයේ පුතු. ඒක ඉන්න මිනිස්සුන් සල්ලි පස්සේ හතිලලා දුවාඇවිදිනවා මිසක්කා උන්ට හුස්මක් කටක් ගන්ට විරාමයක් නැතුවා
:එහෙමයි අපේ අප්පච්චි
:උන්ට මනුස්සකම කියන එක හරියට පයට පෑගෙන රොඩ්ඩක් මගේ පුතු. උන්ට පනම් ඕන උනාම තමන්ගේ මවුත් විකුණා දාවී මයේ පුතු
:තේරැණා අපේ අප්පච්චි
:බොහොම පරවේසමට හිත එකලාසයක් කොරගෙන ගිය වැඩේට හිත යොමු කරගෙන වැඩ කරන්ට ඕනා. තමන්ට තමන් විතරයි කොලබ රටේදී
:තේරැණා අපේ අප්පච්චි
:උබැහැගේ හිත හයියයි. මම දන්නවා මයේ පුතු වරදට පොලබවන්ට කාටවත් බැරි වග
:එහෙමයි අපේ අප්පච්චි
:වරෙන් මයේ පුතු වැව රවුමේ පොඩ්ඩක් ඇවිදලා කොරලා එන්ට
YOU ARE READING
💙𝕎𝕒𝕤𝕤𝕒𝕟𝕒𝕪𝕒💍⃝⃢⃟
Non-Fictionˏˋ°•*⁀⌕ මැයි මල් පවා ඇයි දැයි අසා තුරු සැළුනි පිනි මල් සලා කුසුමක් නුරා සුසුමක් ලිහා හදපතුලේ තැන්පත් වෙලා 🌹⏤͟͟͞͞ 🦋·...