04 වෙනි වස්සානය 🍓

216 22 2
                                    

:ඉතින් පුතු බදාදා නෙව පිලි ගැනීමේ උත්සවේ
:එහෙමයි පුංචි අම්මේ
:අක්කණ්ඩිලා අනිද්දා දිහාවට ඒවි මයේ හිතේ
:එහෙමයි පුංචි අම්මේ
:ඒක නෙවේ මා පුතු
:කියන්ට පුංචි අම්මා
:අර ගෑනු දැරිවි.....මේ ආ අනුරාධා දූ මට කෝල් එකක් ගත්තා නෙව පුතු
:අනුරාධා?? ඒ මක්කටද පුංචි අම්මට කෝල් ගන්නේ
:අරගෙන ඔන්න ඔහේ වරුවක් විතර අඩා වැටුනා පුතු
:මො ....මොකක්???
:උන්දැගේ කසාදෙට වෙන හොර එකියක් ඉන්නව කියලා දැන ගෙන නෙව
:මොකක්ද? ඒකව මම මරනවා......
:කෝ ඉතින් කලබල වෙන්ට එපා පුතු හිටින්කො පොඩ්ඩක්

මම ලොකු හුස්මක් අරගෙන පපුව සැහැල්ලු කර ගත්තා. එහෙම වෙන්න දෙන්න බෑ මගේ ආදරේට. මගේ පණට.මගේ.......නෑ දැන් මගේ නෙවෙයි නේ .ඒ කියලා දහදුරාවේ යන එකෙක්ට මගේ වස්තුව රිද්දන්න දෙන්නෑ මම. ඒකගේ ඊරිමාංසේ කඩාගෙන යන තරමටම මට තරහක් ආවා. මගේ හිත කියවලා වගේ පුංචි මගේ ඔලුව අත ගෑවා

:මම පුතුට රෑට කෑම ටිකක් උයන්නම් ..එතකම් ඔය ඇදෙන් ඇදී ගනින් මගේ පුතු

මම එහෙමම ඇද වියලට කොට්ටයක් තියලා ඇස් දෙක පියා ගත්තා. එහෙම ඉද්දී මට මතක් උනේ ඉස්කෝලේ යන කාලේ වෙච්ච සිද්ධියක්

___Flash back starts🍓______

මම පුස්තකාලේ වාර විභාගෙට පාඩම් කර කර ඉද්දී එකපාරටම එතනට දුවගෙන ආවේ අනූ. හතිදදා දුවගෙන ආපු කෙල්ලගේ වම් අතේ මැණික් කටුව ලග තදටම රතු වෙලා තිබුනා

:මැ....මැණික
:ඇයි රත්තරනේ මේ මොකද උනේ?....
:අවිශ්ක........
:ඉතින්, අවිශ්ක
:එයා මාව ඇදගෙන යන්න හැදුවා මැණික
:මොකක්ද.....ඒ වනචරයා එහෙම කරා. ඔයාට මුකුත් කරදරයක් නෑනේ
:නෑ...නෑ මැණික. මම එයාව තල්ලු කරලා දුවගෙන ආවා

 මම එයාව තල්ලු කරලා දුවගෙන ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
💙𝕎𝕒𝕤𝕤𝕒𝕟𝕒𝕪𝕒💍⃝⃢⃟Where stories live. Discover now