01 කොටස

300 23 10
                                    

ගුරුවරෙක් නැති හිස් පීරියඩ් එකක හරි හිතලම කට් කරලා ඉස්කෝලේ කොහෙට හරි වෙලා කයිවාරුවක් ගහන පීරියඩ් එකකට හරි පොඩි වෙලාවකට වගේ 'සීරියස් ' කතාවක් ඇඳිලා ආව තැනක විශ්ව විද්‍යාලයකට යාගන්න එක සිහිනයක් කරගත්ත යාලුවෝ ඒ හීනේ හැඳින්නුවේ විශ්වවිද්‍යාල සිහිනය කියලා නෙවෙයි පෙරා සිහිනය කියලා.. මධ්‍යම කඳුකරයේම තිබුන හැඩවර්ණනාවන් ගනනාවක් එක්කරලා G.H.පීරිස් තුමත් යසටම පේරාදෙණිය විශ්වවිද්‍යාලය හදලා තිබුන හන්දා දැන් ඉන්න අයත් තවත් පම්පෝරි ගහන්න විශ්ව විද්‍යාල භූමිය තව හැඩගන්නලා තියෙනවා... මේ කොල්ලො කියන හැටියට උන් ආසයි ලු නුවර මැණිකේ කෙනෙක් එක්කන් මල් පාරෙන් යන්න , ඒ ඩයල් එකට ඕනෙ නම් කනෙයි කොණ්ඩෙයි මල් ගහන්න , තව පේරාදෙණියෙ මල් වත්තට ගිහින් කයිවාරු ගහගහ ඉන්න අවසානේ ඉතින් එක්කො මැණිකෙම කරකාර බදියි... එක්කො නිකන් ඉදි..

ඔන්න ඔය පෙරා සිහිනය ඇඳිලා ආව ගමන් ඒ කතාවෙන් ලිස්සලා ඩෙස් උඩ තියෙන මොකෙක්ගෙ හරි බෑග් එකක  ඔලුව තියන් අදහස් මාරු වෙන ගානට කටවල් දිහා බලාගෙන ඉන්න කෙනෙක් ඔය ගැන්සියේ හිටියා.

"උඹ අමුතු එකානේ ඉතින්. උඹට මෙව්ව අදාළ නෑ"

"අප්පද බොල බෙල් කරන්නත් ළඟයි නේ..මෙහ් රුධිරයා මියුසික් රූම් එකට යමං අර මඟුලෙ වැඩේ ඉවරයක් කරලා දාලා අදවත් කලින් ගෙදර යාගන්න"

"මොන රෙද්දක්ද ඕයි නේ..මට නම් එපාම වෙලා තියෙන්නෙ දැන්"

එහෙම කියාගෙන සුදු කමිසෙ ගලවලා තිබ්බ උඩ බොත්තො අස්සෙන් ඇඟට හුලං පාරක පිඹගෙන නැගිට්ට රුධිර් උඩම බොත්තම ඉතුරු වෙන්න අනිත් දෙක තුනත් පියවගත්තා. . ගිනි රස්නෙ වුනත් එයාගේ එයාට ඕනෙ වුණාම විනාඩියට දහ පාලොස් වතාවක් ඇඟට වැදෙන්න හුළං පාරක් එන එකේ කොල්ල එපාම කරපු ටවුමේ රස්නෙන් පොඩි සැනසීමක් ආවා... ඒ කාශ්ටකේට තියෙන අමනාපය හින්දම හැමෝම පේරාදෙණිය තෝරගන්නකොට ඒ කාලේ ඉදලම රුධිර් විතරක්ම 'ඌව ආවොත් යනවා ' කියන මතේ හිටියා..

බාහිර වැඩත් අස්සෙන් අස්සෙන් වැටෙනකොට සේරමත් ඉවර කරන් උසස් පෙළ විභාගේ ලියල ඉවර වුනාම ගේ ගෙම්බෙක් වගේ දවසක් දෙකක් ගේ අස්සෙම ඉදලා අනිත් දවස් වල අහලපහළ ඈයොන්ට නොපෙනෙන්න උදේ පාන්දරම කවුරු හරි හිත මිතුරු කැලක් එක්කලා වනාන්තර අස්සෙ කඳු අස්සෙ කඳවුරු බදින්න යන එක තරම් සැනසීමක් රුධිර් ට තිබුනේ නෑ..එයා එහෙම කරේ එයා වෙනුවෙන් විවේකයක් දෙන්න... මෙහෙම නිවී හැනහිල්ලේ හුස්ම ටිකක් ගන්න පුලුවන් තැනකට ආවම හිත නිදහස් ය , පිරිසිදු වාතය පෙණහල්ලට එනවය , කියලා කෙනෙක් කියන කතා ඇත්තක් වුනත් .... රුධිර හෙව්වේ ඒ නිදහස නෙවෙයි...තනි නිදහසක්...

DRAGON FRUIT | COMPLETEWhere stories live. Discover now