18 කොටස

47 7 1
                                    


"ඔව්ව් ??? "

"එච්චරයි "

"එතකොට  ?? "

"එතකොට මොනවද ??"

"ආ.......හ්...මනුස්සයෝ මේ පට්ට දවල් කොහෙද ගියේ.."

"ගියේ නෑ මම පිට්...ටි..ප..ස්සෙ  හිටියේ..ගේ"

"මාව තම්බනවද ආ"

"නෑ බඳින්න ඉන්නේ"

"බන්දවනවා මම.... ඒ ඔයාද"

නිකන්ම උල් වෙලා තිබුන කට එක්ක බිම බලාගෙන හිටිය රාහුල් ඇස් විතරක් උස්සලා රුධිර් දිහා බලලා වෙන පැත්තක් බැලුව..එයා තමා ...

"ඇටකෝට්ටක් වත් නැද්ද"

"තියෙනවා.."

"මැරුවද"

"නැතුව"

"ඇයි ??"

"ඇයි අහන්නේ ඉතින්"

දෙපැත්තට ඔලුව වනපු රුධිර් කාමරේට ආවේ මේ මිනිහා එක්ක මොකුත් කරන්න බෑ හිතාගෙන..එතන ඉන්න ඇති මිනිස්සු පහක් වත් ප්‍රධානයි කියන කෙනා ඇරෙන්න අනිත් ඔක්කොම මේ මනුස්සයා කාලා..

"වෘකයෝ කෑවේ"

"ඔව් මන් දන්නවා..නල්ල මලේ වෘකයා"

"ඉතින් ආයේ එන එකක් නෑ ඒ ගොල්ලෝ මෙහෙ ..වෘකයෝ ඉන්නවා කියලා"

"යැයි යැයි යැයි තමා"

අති දැවැන්ත වැස්සකටත් පස්සේ තෙමිලා තෙමිට ගෙට ගොඩ වුන රාහුල් රුධිර් ගේ දෑහැට මාට්ටු වුනේ දොර ගාවදිමයි.. මේ දවාලේ ඇහැරන් ඉදීවී කියලා හිතන්න බැරි වුන එක නෙ වැඩේ..කොහොම නමුත් මාට්ටු...මාට්ටු කියන්නේ වෘක වේසයෙන් හිටියේ පිසාචයෙක් කියන එකත් මාට්ටු..කනෙන් ඇදන් ගිහින් නානකාමරේට විසික්කරලා ටිකකින් දොර ඇරලා ඇඳුම් දෙක තුනකුත් විසික්කරලා තමා රුධිර් නිදාගන්න ආවේ..ඒත් නින්දක් ලගපාතක නෑ..

"පොලිසියෙන් පනීවිද ??"

"ගස් කපන්න පර්මිට් නැති හින්දා නැති වෙයි"

"දිවැස් ගැන මොනාහරි දන්නවද"

ඇඳට ඇවිත් උඩු අතට හාන්සි වුනා විතරයි රාහුල්ගේ බෙල්ල රුධිර් පැත්තට හැරවුනා.

"විශ්වාස නැති එක දෙයක් තියෙනවා...

....මං හිතන්නේ දිවැස් ට ප්‍රශ්නයක්..එක්කො එයාට ප්‍රශ්නයක් නැතුව ඇති"

DRAGON FRUIT | COMPLETEWhere stories live. Discover now