04 කොටස

213 22 9
                                    

"ම්ම් ?"

"මෙයා පනි කොහෙට හරි "

"පියාඹනවද  මූ ?"

"ටික කාලෙකින් පියාඹයි.. බලන්න එයාගේ ඇඟෙන් දුම යනවා..එයාට මාව පේනවා මම හිතන්නේ"

හරියටම රෑ දහය පහුවුනාම රුධිර් පරිස්සමට අරන් ආව  කුකුල් බිත්තරේකට වඩා තරමක් විශාල  නිලට හුරු බිත්තරේ හෙළවිලා හෙලවිලා සියුම් ඉරිතැලීම් බිත්තරේ වටෙන් මතුවෙන්න ගත්තා.. නිදාගෙන උන්නු රුධිර් ට මේක පෙනුනේ නෑ , ඒක නිසාම ඇහැරලා හිටිය රාහුල් එයාව ඇහැරවව්වා.. තද නින්දකින් ඇහැරිලා හරි සිහියට ඇවිත් දෙන්නම සාලෙට එනකොට පුපුරාපු බිත්තරෙන් ආව කලු පාට මකර පැටියා මේසේ උඩ දුම් දදා  හිටියා..

"මේ බලන්න මෙතන පිදුරු අස්සෙන් කොළයක් තියෙනවා."

එහෙම කියලා බිත්තරේට යටින් තිබුන පිදුරු අස්සේ තිබුන කඩදාසිය රාහුල් අතට ගත්ත කොළේ රුධිර් ගාවට පාවෙලා ආවම එයා ඒක අල්ලගත්තා.. පරණ තාලේ කොළයක් , එහෙම නැත්තන් තේ ගොට්ටෙකින් හරි කෝපි වලින් හරි පොඟවලා වේලපු ඉරි මොකුත් නැති කොළේක කලු ජෙල් පෑනකින් වගේ ලියාපු ලියමනක් ..

"රුධිර් ,

AMPHIPTERE  එහෙම නැත්තන් බටහිර යුරෝපියානු  වර්ගයට අයිති වෙන මකරෙක් මෙයා..ඉක්මනට ලොකු වේවි.. මෙයාට ලේ රස ලේ සුවඳ පුරුදු නොකර ඉන්න. එළවළු කෑම දෙන්න.. එහෙම වුනෝතින් කරදරයක් නෑ ඔයාට ආදරේ වේවි...බය වෙන්න එපා...මකරා කියන්නේ ආදරණීය සුරතලෙක්. ඔයාට පාලු හිතෙන එකක් නැහැ.. 

දොරෙමෝ කියන්නේ අසාමාන්‍ය කන්දක් ...!! "

රුධිර්  ඇහෙන්න කියෙව්ව ලියුම ඉවර වුනාම රාහුල් රුධිර් දිහා බැලුවා.. මකර පැටියා පොඩි ලේනෙක් වගේ පොඩී අඩි තිය තියා මේසේ එහෙ මෙහෙ යනවා..රුධිර් එයාගේ ඔලුවට ලාවට තට්ටුවක් දැමා..

"එයා ටිකක් රස්නෙයි නේ.. දැන්ම කන්න දෙනවද"

රුධිර් එහෙම කියලා ඉවර වෙනකොටම  මකර පැටියගේ කට ගාවට සලාද කොළයක් ලං වුනා.. එයා ඒක හෙමින් හැපුවා.

"එයාට දත් තියෙනවා..මෙයාව අතට ගන්න මං කවන්නම්"

රුධිර් මකර පැටියව අතට අරගත්තම රාහුල් සලාද කොළේ මකර පැටියගෙ කට ගාවට ළං කරා. මකර පැටියා රාහුල්ගේ මූණ කියලා හිතන්න පුලුවන් පැත්තකට එයාගේ දිහා බැලුවා....ඒත් එක්කම රුධිරුත්...

DRAGON FRUIT | COMPLETEWhere stories live. Discover now