16 කොටස

52 7 1
                                    

ගායනා , රුසාරා  කියන කෙල්ලො දෙන්නගෙන් ගායනා කියන්නේ රුධිර් ගේ නෑණා කියලයි රූසරා කියන්නේ මේ තුන් දෙනාගෙම හොඳම යාලුවා කියලයි තේරුම් ගන්න රුධිර් ටයි රාහුල්ටයි සෑහෙන ලොකු බැනුමක් අහගන්න වුණා..සම්පූර්ණ බැනුමෙම තිබුනේ රුධිර් ට ආව රස්තියාදු ගැසීමේ චෝදනා වෙනකොට රාහුල් බැනුම් ඇහුවේ ඒවට උල්පන්දම් දෙනවයි කියලා.. 

"1677 "

"මට එක දෙයක් පැහැදිලි"

"ඉන්න..මේ 1602 ලන්දේසීන් ලන්කාවට ආවේ .. 1796 ඉංග්‍රීසීන් ආවෙ..මේ ඒ කාලේ"

"එහෙම මගුලක් නෙවෙයි අයියේ මං කියන්නේ."

"ඔයා !! ලන්දේසි තුරුම්පුවක් නම් එළියට යන්න එපා.මම ගිහින් අපිට යන්න පුලුවන් විදිහක් බලන්නම්"

"ඉන්නවකො මං කියන දේ අහන්න"

"කියන්න. මං යන්නම්..ගිහින් එනකල් නිදාගන්න..නැත්තන් මොකක් හරි මාට්ටු වෙයි"

"හරි හරි..අහනවකො ..අපි පතාගෙන ඇවිල්ලා තියෙන්නෙ නේ..බලනවකො මේ ලන්දේසි කාලෙත් එකට ඉදලා"

"ඔව් ගායනාව ඔතාගෙන යන්න වෙන්නේ..නෑනව..නිදාගන්නව කට අරින්නෙ නැතුව"

රුධිර් ට මොකුත් කියන්න ඉඩ නොදී ඇඳෙන් නැගිට්ට රාහුල් එළියට ආවා.

"කොහෙද යන්නෙ"

"ටවුමට ගිහින් එන්නම්"

"මේ මේ මේ...ඇතුළට..ඔයාව විශ්වාස කරන්න කියලද කියන්නෙ මට"

"මම එනවා"

"පිස්සු කෙලින්නෙ නැතුව යන්න අයියා ගෙට..අම්මා  දැනගත්තොත් බය වෙනවා..විහින් නාස්ති වෙන්න එපා"

ඒ කිව්ව අපබ්‍රංසේ තේරුනේ නැතිව රුසාරා දිහා බලපු රාහුල්ව ගනන් ගන්නේ නැතුව කෙල්ල වැලේ රෙදි වනව්වා.

" අයියේ....ගායනා ඇළට ගිය අතරේ මේ අහන්නේ.. ඇත්ත කියන්න ඔයයි පොඩි අයියණ්ඩියි අතරේ මොකද්ද තියෙන සම්බන්දේ"

පොඩි අයියණ්ඩි කියන්නෙ රුධිර් නම් මෙහෙ තව අයියණ්ඩියෙක් ඉන්න ඕනේ.. ගිය ආත්ම වල මොන මගුලක් නටලා ඇවිල්ලද කියලා දැන් තමා අනාගත කුමාරවරුන්ට තේරෙන්නේ..ඒ අතින් දෙදාස්ගනක් වල අර ලැබුන ජීවිතේ කියන්නෙ අවම සුදුසුකම් වලට හම්බුන රස්සාවක් වගේ..

DRAGON FRUIT | COMPLETEWhere stories live. Discover now