07 කොටස

78 14 7
                                    

"ගන්න සබන් බෝල පුම්බන ඒවා..පැටියෝ ගන්නවද"

"එන්න අත් මාල කර මාර ජාති අඩුවට..."

"කාලා බලලා අරං යන්ට ඉඟුරු ටොපි මස්කට් බෙලිමල් ටොපි ... එන්න පුතා.."

"මට මස්කට් ඕනේ..ආයේ බූන්දි ග්‍රෑම් පනහ පනහ දාන්න"

"ඉන්න පුතා... කාලා බලලා අරං යන්ට ඉඟුරු ටොපි මස්කට් බෙලිමල් ටොපි කිරි ටොපි බූන්දි දොදොල්.. ආ පුතා , සීයයි දෙකටම"

කටේ තිබුන තල් හකුරු එකත් සූප්පු කර කර සාක්කුවෙන් ගත්ත පර්ස් එකෙන් රුපියල් සීයක් මුදලාලිට දුන්න රුධිර් ඒ ගමන්ම සාක්කුට පර්ස් එක දාගත්තේ තවත් තල් සූකිරියක් කටේ ඔබාගන්න..බද්දර ට එළියක් දුන්න කොප්පරා ලාම්පු තාවකාලික කඩල් දෙකක් අතර මැද තියෙද්දි කඩවල් වලත් සූත්‍රිකා බල්ම එල්ලලා රාත්‍රීයට ආලෝකයක් දුන්න..සද්දේ කියන්නේ ලද අවස්ථාවෙන් අතට කීයක් හරි හොයාගන්න දාහක් දේවල් විකුණන ගෑනු පිරිමි එකාට එකා පරයා යන්න තමන් ගාව තියෙන බඩු ගැන පම්පෝරියක් කෑගහලා කියනවා රුධිර් ඇහෙන්නෙ නෑ වගේ අහගෙන ඒ වීදි පුරා ඇවිද්දා.

නිකිණි මාසයේ පූර්ණ චන්ද්‍රයා කියන්නේ මේ ගම් වාසීන්ගේ ග්‍රාමික උත්සවයක් තියෙන දවසක් . මේ මාසේ පෝය මාසේ මුළට වැටුන හින්දම ඇසළ පෙරහැරත් ඇසළ මාසයේ අග්ගිස්සේම පටන් ගෙන මධ්‍යම රාත්‍රීය කිට්ටු වෙන හෝරාවකදි මාළිගාවට ගෙවදීවි.බර ඇස් එක්ක දවසම ගේ ඇතුලේ හිටිය රුධිර් හවස් යාමේ ගොම්මනටත් කලියෙන්ම බද්දර ආවේ මුල්ම දවසේ ආව බස් එකේමයි..එයාට ඒ බස් එක අහම්බෙන් හම්බවුනත් ඒ වාසනාව නොවෙන්න තිබ්බා තවත් මකර පැටියව ගෙදර දාලා එන එක නතර කරගන්න බැරි වුනානම්..

"තව පැය දෙකකින් වෙඩි මුරේ තියාවි"

"සමාවෙන්න උත්සවේ තියෙන්නෙ කොහෙද"

"ආ ..මහත්තයා මේ පළා- ආ මේ එඬේර ගෙදර මහත්තයා නේද.. මේ මේ කූඩාරම එහාට වෙන්න කමත තියෙනවා මහත්තයා එතන තමා තියෙන්නෙ.. තව ටික්කින් මෙහෙ කට්ටිය එහෙට යයි කලබල නොවී ඉන්ට"

"ස්තූතියි"

කඩයක් ගාව හිටිය කෙනෙක්ගෙන් බලෙන්ම අහපු  රුධිර් එතනින් එහාට ඇවිත් සාක්කු වල පුරවන් හිටිය මලු වලින් තල කැරැල්ලක් අරන් කටේ දාගෙන මික්ස් ස්වීට් වෙන්න මස්කට් කෑල්ලුත් කටේ දාගත්තා..සෙල්ලම් බඩුත් යායට පුරවලා..ඒකෙන් ලොකුවට තිබුන කහ බැලුමයක් ගන්න ආසාවක් ආවත් ඕක ආම්බාන් කරගන්න බැරි වෙයි කියලම රුධිර් ඒ දිහා නොබලා කමතට ආවා..

DRAGON FRUIT | COMPLETEWhere stories live. Discover now