" නේෂි මේ මේක හොදයිද.."
" පාට හරි නෑ වෙන පාටක් බලන්න.."
නුවරඑළියෙ තියන හොදම ඇදුම් කඩේට තිසරු මාව එක්කන් ආවා..හොදම කිව්වට ඉතින් මීට වඩා සුපිරි ඒවගෙත් සුපිරි ඒවනෙ දෙදාස් ගනන්වල තියෙන්නෙ..ඒත් ඉතින් මේ ඇවිල්ලා එද්දාස් නවසිය බර ගනන් නේ..
" ඒ මේ මේකනම් ඔයාට ලස්සනයි ඈ.."
" ඔව් නේ..අපි දෙන්නම ගමු දෙකක්.."
" හා.."
පැයක් විතර හොයලා හොයලා එකම එක ටී ශර්ට් එකක් ගත්තා දෙන්නම..ඉක්මනට ගිහින් එන්නම් කියලා නේද නේෂි උබ ආවේ..අද ගෙදර යද්දිනම් ඒ උනාට රෑ වෙයි වගේ..මෙහමයි ඉතින් ඇගට වගේම හිතටත් සෙට් වෙන්න ඇදුන් තෝරන්න ගියාම පෝඩ්ඩක් විතර වෙලා යනවා..
" අර දෙන්නටත් මොනා හරි අරන් යන්න වෙයි නේද.."
" ඒක තමා නේෂි මාත් කල්පනා කරේ..සරන් කෑලි දෙකක්වත් ගමුද.."
" අන්න වැඩේ..එක වගේ සරන් දෙකක් අරන් දෙමු ඒ දෙන්නටත්.."
ඒ පාර තිසරු එයාට ඇදුන් තෝරන එක නතර කරලා සරන් තියන පැත්තට ගියා..සිරාවට මූ සරන් ගන්නද ලෑස්ති එතකොට..
" ඔය මොකක්ද ඔය.."
" සරමක් ඉතින්.."
" ඕක චීත්තයක් වගේ නේ..අනික රෝස පාට.."
" ඇයි එපාද.."
" එපා මෝඩයෝ..මෙන්න මෙහෙ එනවා.."
මෙයාගෙ ඔලුව කොහෙ හරි වැදිලා තියනව හැබැයි..වෙලාවකට පිස්සුමයි නටන්නේ..කරන්නෙ මොට්ට වැඩක් කියලා දැන දැන හෙනම සීරියස් විදිහට කරනව හැබැයි ඒකත්..
මං දන් නෑ අපි දෙන්නා ආව වෙලාවේ ඉදන් ශොප් එකේ එහෙට යනවා මෙහෙට යනවා ඉවරයක් නෑ..තාම හරියට ගත්ත දේකුත් නෑ ඒත්..අකේන් හිටියනක් හැබැයි අතට අහු වෙන අහු වෙන ඒවා බෑග් එකේ දාන් යයි..
" මේකේ පොඩි සයිස් නැද්ද දන් නෑ නේ.."
" ඉන්න මං අහලා බලන්නම්.."
" ඒ මේ අයියේ.."
" කියන්න සර්.."
" මේකේ පොඩි සයිස් නැද්ද.."
" විනාඩියක් දෙන්න සර් මං බලන්නම්.."
තිසරු ඒ මනුස්සයාට අයියෙ ගෑවට ඒ කොල්ලා අපිට වඩා බාල පාටයි..
YOU ARE READING
භවයෙන් භවේ 🥀 ( Yizhan )
Fantasyඅතීතයේ සිට වර්තමානයට...⏳ හැකිද නැවත හමුවන්නට..මේ භවයේ මෙන් අසීමිත ලෙස ආදරය කරන්න..නැවත පැමිණෙන විට ආයුෂ බොහෝ රැගෙන එන්න..මා ඔබ කෙසේ හෝ සොයා ගමි.. මිනායු නේෂත්