දවසම කේෂව් එක්ක ටවුම වටේ ඇවිද ඇවිද මට කතා කරන්න එන කෙල්ලො නිසා රණ්ඩු වෙ වී ඉදලා අන්තිමට එයා මාව ගෙදර ගෙනත් ඇරලුවා..
" ඇතුලට එන් නැද්ද.."
" එන්නත් ඕනි ඒත් රෑ වෙන්න කලින් ගෙදර යන්න ඕනි නේ.."
හෙට රේස් එකක් නිසා එයාට ගෙදර යන්න ඕනි වෙලා..දැන්නම් ඇත්තටම බයයි මට මේ කොල්ලා ගැන බයික් රේස්වලට යන්නෙ එයා ලීගල් විදිහට නෙවෙයි..අහු උනොත් ලොකු අමාරුවක වැටෙන්නේ..
" මාත් එන්නද.."
" කොහෙද.."
" ඔයාලා ගෙදර යන්න අනේ.."
" ඇත්තමදූ...."
බයික් එකෙන් බැහැලා මං ලගට ආව කේෂව් මාව තදින් බදා ගත්තා..
" හ්ම්ම්.."
" යන් යන්.."
" හැබැයි එක දෙයක් කරන්න ඕනි.."
" මොකක්ද.."
" මාව රේස් එක තියන තැනට එක්කන් යන්න ඕනි.."
මං කේෂව්ට එහෙම කියද්දි එයා මගෙන් ඈත් වෙලා ඔලුව කසන්න ගත්තා..
එක්කන් යන්න බෑ කිව්වත් බලෙන් හරි හොයන් යනවා මං..
" ඔයාව ට්‍රැක් එකට එක්කන් ගියොත් ප්‍රශ්නයක් වෙයි නේ..අනී...."
" ඇයි මොකක්ද ප්‍රශ්නේ.."
" මොකක්ද අහන්නේ..මොලේ මැටිද අයියෙ ඔයාගෙ තියෙන්නෙ..ඒ වගේ ඉලීගල් තැනකට ඔයා වගේ ෆේමස් කෙනෙක් එක්කන් ගියාම ඔයාටමයි ප්‍රශ්නේ.."
" ඒක ගැන මං බලා ගන්නම් ඔයා එක්කන් යන්නකො මාව.."
" අයියේ..ම්හුක්.."
" උහුක් උහුක් නෙවෙයි..මාව එක්කන් යනවද නැද්ද.."
" හරි හරි ඉතින් එක්කන් යන්නම්..හිතුවක්කාරකම තියන.."
කේෂව් කටත් උල් කරන් කියද්දි මට මතක් උනේ අකේන්ව..හැමවෙලේම මට බැන ගත්ත ගමන් නේ හිතුවක්කාරයි කියලා..
" මං ලෑස්ති වෙලා එන්නද එහෙනම්.."
" ඔහොම්ම යන්.."
" මෙහෙම යන්න බෑ මට දාඩියයි වොශ් එකක් දාන් එන්නම්.."
" මාත් එන්නද ඒනම්.."
YOU ARE READING
භවයෙන් භවේ 🥀 ( Yizhan )
Fantasyඅතීතයේ සිට වර්තමානයට...⏳ හැකිද නැවත හමුවන්නට..මේ භවයේ මෙන් අසීමිත ලෙස ආදරය කරන්න..නැවත පැමිණෙන විට ආයුෂ බොහෝ රැගෙන එන්න..මා ඔබ කෙසේ හෝ සොයා ගමි.. මිනායු නේෂත්