Part 26 ✽

211 23 2
                                    

මං දන් නෑ මගෙ මූණට හිනාවක් ආවෙ කොච්චර කාලෙකින්ද කියන්න..එයා ආයෙ මගෙ හිනාව අරන් මං ලගට ඇවිත්..

" නේෂී.."

මගෙ පපුව ගැහෙන එක නැවතුනාද කොහෙද..ඉනවටේ එතුන අත් වගේම ඒ පපුවෙන් මට දැනුනෙ හුරුපුරුදු පහසක්..මගෙ අකේන්..නෑ ඒ කේෂව්..නොහිතූ මොහොතක පිටිපස්සෙන් ඇවිත් මාව බදා ගත්තෙ කේෂව් වෙද්දි මාව එහෙම්ම ගල් ගැහුනා..

" ක්_කේෂව්.."

" ටිකක් මෙහෙම ඉන්න දෙන්න.."

උරහිස උඩ නිකට තියා ගත්ත කේෂව් රහසින් වගේ මුමුණද්දි මට දැනුනෙ මාව දිය වෙනවා වගේ..මට මේ වෙලාවෙ දැනෙන දේවල් කියන්න ලස්සන වචන නෑ මං ලග..

" කේෂව් මිනිස්සු බලාන ඉන්නවා.."

" එන්න.."

වටපිටාවෙ මිනිස්සු බලාන ඉන්න නිසා මං එයාට කියද්දි එයා මාව ඇදන් ගියෙ වොශ් රූම් එක ලගට..මෙතන ප්‍රශ්නයක් නෑ කියලා දැනුන විශ්වාසෙ නිසාම එයා මාව බදා ගන්න කලින් මං ඒ පපුවට තුරුල් උනා..සුවදයි..කේෂව්ගෙ පපුවෙන් නහය තද කරලා ඇස් පියාන මං ඒ සුවදින් මුලු ආත්මෙම පුරව ගත්තා..එදා දැනුන ඒ සැනසීම අදත් එයා ලගින් දැනෙනවා..

" ම්හුක්..ඔහොම තමා ඔයා හිනෙනුත් මාව තුරුල් කර ගන්නේ.."

" මේ අයියේ..ඔයාටත් මං ගැන මොකක්ද එකක් දැනෙනවා නේ..මටත් එහෙම නේ..අපි දෙන්නා පෙම් සබඳතාවක් පවත්වමුද.."

කේෂව් හරි හුරතල් විදිහට කියද්දි මං එයාගෙන් ඈත් උනා..

" හීනෙන් පේන කතාව මොකක්ද.."

" ආ..ඒක මේකයි අවුරුද්දක විතර ඉදන් ඔයාව මට හීනෙන් පේනවා ඔයා ඉන්නෙ මාත් එක්ක..දැන් වගේම මගෙ පපුවට තුරුල් වෙලා හේ හේ තව හොද හොද ඒවත් පේනවා.."

අන්තිම ටිකනම් කිව්වෙ එයා මගෙ යට ඉදන් උඩට බලන ගමන්..මං ආපහු මෙහෙට ඇවිත් අවුරුද්දක් වගේ වෙන නිසා එයාට ඒ මතක හීනෙන් පේනවා ඇති..

" එච්චරමද.."

" දන් නෑ..ඔයාව දකිද්දි මගේ විතරයි වගේ හැගීමක් දැනෙනවා.."

" හැබැයි පොඩි කොස්සක් තියනවා.."

" ඒ මොකක්ද.."

භවයෙන් භවේ 🥀 ( Yizhan )Where stories live. Discover now