Part 28 ✽

238 30 16
                                    

උදේ ඇස් අරිද්දි මං ඉස්සල්ලම දැක්කෙ මගෙ තුරුලෙ පූස් පැටියෙක් වගේ සැනසීමෙ ඇස් පියන් ඉන්න කේෂව්ව..මීට වඩා සැනසීමක් කොහෙන්ද මගෙ ජීවිතේට..ඔයාට ගොඩාක් පින් අකේන් කේෂව් විදිහට ආයෙත් මගෙ ජීවිතේට ආවට..

එයාගෙ සිනීදු කොණ්ඩෙ අස්සෙන් මගෙ ඇගිලි එහෙ මෙහෙ යද්දි කේෂව් නින්දෙන්ම මාව තවත් ටිකක් තදින් තුරුල් කර ගත්තා..

" කේෂව්.."

" ම්ම්ම්.."

" තව ටිකක් නිදා ගන්නවද නැගිටිනවද පැටියෝ.."

" ම්හුක්.."

" මං කිරි එකක් හදන් එන්නම් එතකන් නිදා ගන්න එහෙනම්.."

" ම්හුක්.."

" උහුක් උහුක් නෙවෙයි කෝ අයින් වෙන්නකෝ.."

කේෂව්ව එහාට කරලා නැගිටින්න ගියත් එයා මගෙ ඇගෙ මූණ අතුල්ල අතුල්ල උඩට ඇවිත් බෙල්ල අස්සෙ මූණ හංග ගත්තා..

" නේෂී.."

" ම්ම්ම්.."

" මගෙ අයියා මට ආදරෙයිද.."

නිදි මතේම කේෂව් මුමුනද්දි මං එයාව අත් දෙකෙන්ම බදාන තුරුල් කර ගත්තා..

මං ඒ ආදරේ වචන කරන්න හරියට දන් නෑ කේෂව්..

" ආදරේ නැද්ද.."

" ආදරෙයි රත්තරං..ගොඩක් ආදරෙයි.."

" ආව්ව්..ඇයි හපන්නේ.."

මං එයාට ආදරෙයි කියද්දි එයා කරේ මගෙ බෙල්ල හපපු එක..

" ඕනි හින්දා.."

" ඇත්තද.."

" ම්ම්..."

" කෝ අයින් වෙන්න දැන්.."

" ම්හුක්.."

" ඇයි කිරි එපාද.."

" ඕනි.."

" එහාට වෙන්න එහෙනම්.."

අකමැත්තෙන් කේෂව් මගෙ ඇගෙන් එහාට වෙද්දි මං ඇදෙන් නැගිටලා යන්න කියත් කේෂව් ආයෙත් මගෙ අතින් ඇදලා ගද්දි මං එයාගෙ ඇග උඩට වැටුනා..

" කෝ.."

" මොනාද.."

" මෝනිං කිස් එක.."

" එහෙම ඒවත් දෙන්න ඕනිද.."

" හ්ම්ම්ම්.."

කේෂව් කට උල් කර ගද්දි මං ඒ උල් වෙච්ච තොල් උඩ චූටි හාදුවක් තිබ්බා..ආපිට එයාගෙන් මට ලැබුනෙ නලලට උණුසුම් හාදුවක්..පුදුමාකාර සැනසීමක් ඒකෙ තිබුනේ..

භවයෙන් භවේ 🥀 ( Yizhan )Where stories live. Discover now