'ලොකු මැණිකේ! ලොකු මැණීකේ ආං!!'
'මොකෝ?'
'නිවුන්නු දෙන්නෙක්!'
"පවිත්ර.."
"ම්..හ්??"
"පවිත්ර?"
මගේ කන ගාව කටහඩවල් ගොඩයි. මේ ඇමතියා නම් මට පොඩ්ඩකටවත් නිදාගන්නවත් දෙන්නේ නෑ... ම්හ්.. වදේ..
'ලොකු මැණිකේ! ලොකු මැණීකේ ආං!!'
'මොකෝ බණ්ඩෝ බෙරිහන් දෙන්නේ?? මොකද වුනෙ!?'
'ආනේ දෙවියනේ අපේ පොඩි නිළමේ නිදිනේ..! සු සු! කෑගැහුවොත් එහෙම ආයේ කීද්දෙයි!'
'හා හා දැන් මොකද මේ තකහනියක්ම කෑගහන් ගම පෙරලං දුවන් ආවේ? ඒක කියලා හිටපංකෝ!'
'හපේ අප්පේ හරි හරි..'
'මොකෝ? '
'ආං මහ නිළමෙගේ ඇතින්නට පැටව් හම්බුනා..!!'
'මොකක්? මේ අපේ වෛරීට?'
'එහෙමයි මැණිකේ! අම්මේ බෝලම බෝල ගෙඩි වාගේ නිවුන්නු දෙන්නෙක්..!'
"පවිත්ර!"
ම්..
"පවිත්ර නැගිටින්න අපි ආවා!"
"ආහ්!!!"
මං ගැස්සිලා ඇහැරුනේ!!
"මොකක්??"
"ආහ්?"
පොඩ්ඩක් ඉන්න කෝ අර කට්ටිය?? මං කොහෙද මේ ඉන්නේ??
"මොකද පවිත්ර මේ දාඩියත් දාගෙන? හීනයක්වත් දැක්කද? මං හිතුවේ අසනීප වෙන්නවත් අරන් කියලා.."
"මට??"
මම පට ගාලා නලලට අත තියාගෙන උණ අරන්ද කියලා බැලුවා. නෑ ඇත්තටම මට උණ ගැනෙන්න කියලා තමයි මාත් එක හිතින් ප්රාර්ථනා කරේ.. කෝ දැන් මට ඇහුනු අය? පොඩ්ඩක් ඉන්න.. අපි ඉන්නේ දැන් වාහනේ නේ.. කොහෙන්ද අර කටහඩවල් ආවේ එතකොට??
මොකක්ද මට අර ඇහුනේ???
"මොකද ළමයෝ මේ බය වෙලා?"
"මං බයවෙලා?"
මං හෙන අන්ද මන්ද වුන විදිහට ඇමතියගෙන් ඒ අහලා වට පිට බැලුවේ. ආහ්.. අද.. හයියෝ අද ගෙදර එන්න ඕනේ කිව්වනේ මං.. ආ එතකොට අපි මෙච්චර වෙලා ඇවිල්ලද.. හරි එතකොට මට නින්ද ගියා.. නින්ද ගිහින් මල විකාර ටිකක් ඇහුනා.