මම දැන් නම් මුකුත් කියන්නේ නෑ.. මට මුකුත්ම කියන්නත් බෑ.. කියන් මුකුත් හිතෙන්නේ නෑ.. ඉතින් කොහොමද මං කියන්නේ?
මොකද මං කරන දේවල් මට වත් තේරෙන්නේ නෑ..
මං දැන් ගෙදර ඇවිත් ටිකක් වෙලා.. ඒත් මං තාම ජීප් එක ඇතුලේ.. තාමත් ඉන්න තැනම ඉඳගෙන මොනාද මන්දා කල්පනා කරන්න හදනවා ඒත්.. මට මුකුත් කල්පනා වෙනවානේ නෑ.
ඒ වෙනුවට ඔහේ ඩෑෂ් බෝඩ් එක දිහා බලන් හිටියා..
රෑට කෑගන ගෙම්බෙක් දෙනානෙක්ගේ සද්දේ ඇහෙන්න රැහැයියෝ කෑගහැහුවට පස්සේ හුලගකින් විතරයි මගේ කන් පිරවුනේ.
පවිත්ර තමුසේ ඇමතියට කැමතිද? නැත්තන්.. මේක සෙක්ෂුවල් ඇට්රෑක්ෂන් එකක්ද?
ඒත් මොකක්ද ඒ කුනුහරුපේ! මෙච්චර කල් මං යස අගේට වැල සරණෙන් ගොඩ ගිය කොල්ලෙක්..හරි.. ඇත්ත මං පිළිගන්නවා මාත් එක්ක යාලු වෙලා හිටපු එක කෙල්ලෙක්ටවත් අන්තිම වෙනකල් මාත් එක්ක ඉන්න එපා වුන එක සාධාරණයි.. ඒ වෙන මොනා නිසාවත් නොවේ ඒ වැඩත් එක්ක මට ඒ අය එක්ක ඉන්න කිසි වෙලාවක් නොතිබ්බ හින්දා..
කෙල්ලෙක් දාගන්නකල් විතරනේ ඕන එකෙක් කන කට්ටක් කන්නේ. මන්දා අනිත් අය ගැන නම් හැබෙයි මම එහෙමයි. යාලු වුනාට පස්සේ ඒකි පස්සේ අර තරම් මැරීගෙන පෙන්නන්නේ නෑනේ මොකද මං දන්නවනේ ඒකි කොහොමත් මගේ කියලා. ඒත් මගේ අතින් ඒ අයව ගොඩක් මග ඇරෙන්නේ ඇතී..
කවුද ඉතින් කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැති මනුස්සයෙක් ගාව ඉන්න කැමතිවෙන කෙල්ල?
ඇත්තටම මටත් ඊට පස්සේ කෙල්ලෙක් දාගන්න එක ගැන ලොකු උනන්දුවක් තිබ්බේ නෑ. ඒ වැඩත් එක්ක වෙලාවක් නැති හින්දාද නැත්තන් තව කල් අරන් හරි කාලෙදි කවුරු හරි ගැන හිතන්නද කියලා තේරෙන්නෙත් නෑ.. මොකද මට කැලේ අස්සේ රිංගන්න වෙලාවක් කලාවක් නෑ. හදිසි වෙන තැන දවල්ද රෑද මහ පාන්දරද කියලා නෑ මොක වුනත් කතා කරද්දි දුවනවා..
වෙලාවකට හිතුනා මේකද මගේ ජීවිතේ ඉවර වෙනකල්ම මං අරන් යන චක්කරේ කියලත්. මොකද මං කෙල්ලොන්ට වඩා කැලේ සත්තුන්ට ආදරේ කරා.. අව්වට පිච්චිලා පාට ගිය වනජිවි අධිකාරියේ ඇදුමට ආදරේ කරා.. කොටින්ම කිව්වොත් මං මුලු මුනින්ම මගේ රස්සාවට ආදරේ කරා.. ඒක මගේ හීනේ..මං දැන් මොන කට්ට කාලා හරි ඒ හීනේ ජීවත් වෙනවා.. අම්මා තාත්තා එපා කියද්දි, දන්ඩ නීතිය දාලා ගෙදර හිර කරන් ඉන්න හදනකොට හොරෙන්ම පැනලා ඇවිත් මං මේ හීනේ ජීවත් වෙන්න ගැහුවේ පුදුම ගේමක්!