44 වන පරිච්ඡේදය

19.3K 1.8K 664
                                    




එදා වගා ලිඳට වැටුනු අලියගේ කකුල වැදිලා මගේ දනිස් පොල් කට්ට අනිත් පැත්ත ගැහුවා කියලා කිව්වා මතකද?? මතකද!?? නිකන්ම වැදුනු පාර කකුල ගැලවිලා ගියා වගේ දැනුනා මතකද!??

ඒත් ටොන් ගානක් බර ඇතෙක්ගේ කකුලකට යට වුනොත්..? වැදෙනවා වෙනුවට ඕනකමින්ම බර දාලා පෑගුවොත්?? මේ හැම දේම වුනේ තත්පර ගානක් ඇතුලේ කිව්වොත්.. තේරෙයි ද..?

'වෛරි එපා!!! එපා! එපා!! එපා!!! සඳස්මිත රත්තරනේ අනේ මාව ගන්න!! ආහ්!! රිදෙනවා!! එපා වෛරි වදින්නම් එපා!! එපා!! සදස්මිත මාව බේරගන්න!!! ආහ්හ්හ්!!!'

විසි වුනු පාර කොදු නාරටි කෑඩිගෙන යන්න අඹ ගහේ කදේ වැදිලා සවිත්‍ර එහෙන්මම බිම වැටිලා ඇවිද ගන්න තියා අඩුම නැගිට ගන්නවත් පන නැතුව මරණ බයෙන් පුලුවන් විදිහකට අත් දෙක එකට එකතු කරන් වැද වැද බෙරිහන් දෙන මැද්දේ ඇස් අරන් බලන් ඉන්නකොටම වෛරි ගිහින් සවිත්‍රගේ බඩට උගේ දල බැස්සුවා.. මුලු පලාතක්ම දූවිල්ලෙන් නාවගෙන අර කඩු කිනිසි වගේ ඉස්සරහට දික් වුනු දළයක් බස්සුවා.

"ආහ්!!!!! මට බෑ!!!! එපා!!! නවත්තපං!!! අනේ බෑ!!! බෑ!!! බෑ!!!!"

මුලු ඇගේම ලේ එක පාර හිදුනද? සවිත්‍ර ඒ වෙලේම මේ ලෝකෙන් ගියා.. අනිවාර්යයෙන්ම ඒ වේදනාව ඉවසගන්න බැරුව බඩ බොකු ඉරාගෙන ගිය වේදනාවට සවිත්‍රගේ ඇස් ඒ මිනිත්තුවෙම පිය වුනා.!! වෛරි ඒ දළේ ආයේ උඩට ඇදලා ගනිද්දි පස් එක්කම ආවා කියන්නේ.. බෑ!! බෑ මට මේවා බලන් ඉන්න බෑ!!!

"ආහ්!!!මාව ආයෙම ගනින්!! මාව වර්තමානයට ගනින් දෙවියනේ ආයෙම එක්ක පලයං!!! "

ඇස් දෙක ඇරන් හොඳ සිහියෙන් මේ දිහා බලන් ඉන්න බෑරි තැන මං ඇස් තදින් වහගෙන අත් දෙකෙන් ඔලුව බදාගෙන කන් දේක පුලුවන් උපරිම තදට තද කර ගත්තා. මොකද මට බෑ!!! ඒ වේදනාව!! මැරෙද්දි ඒ ආපු වේදනාව දැන් මටත් දැනේනවා වගේ!! මොකද වෛරි ඒ කරලා නිකන් හිටියේ නෑ!!! අනේ සවිත්‍ර කෑගහද්දිම දළෙන් ඇන්නා මදිවට හොඩෙන් කිසි පනක් නැති අර මිනිය ඇදලා අරන් ආයෙම පැත්තකට විසි කරනකොට..

"ආහ්!!!!"

මම කොච්චර කෑගැහුවොත් මම කොච්ච කන් තදට වහන් හිටියත් කන් ඇරන් ඉන්නවා වගේම ඒ සද්ද මට ඇහේනවා දෙවියනේ මොකක්ද මේ වෙන්නේ!!! ආහ්!! මට පිස්සු!!! සදහ්මිත එහෙන් බෙරිහන් දෙනවා!! ඌ දම්වැල් කඩන් එන්න  මුලු ඇත් ගාලම බිම වට්ටන යුද්ධෙක!!!

අමාවක හස ✓Where stories live. Discover now