🥀 8

612 77 64
                                    



"ඇල්ෆා? ඔයා මට ඇත්තටම ආදරේ කරන්නෙ නෑ"




සම්පූර්ණ නිරුවතින් කැලේ මැද තියෙන පුංචි ලී ගෙදර තියෙන මෙට්ටෙ උඩට වෙලා දන ගහගෙන ඇස් වල කඳුලු පිහදන ගමන් ජන්කුක් කතා කරා.




"මොකක්ද මගේ ඔමේගා ඔයාට වෙලා තියෙන්නෙ? මේ අහන්න? ඔය තරම් බොළඳ වෙන්න එපා මගේ හිම බෝලෙ, ඔයාගෙ ඇල්ෆා වයස වැඩියි දේවල් වලට"





දැන් විනාඩි කීයපයකට කලින් ටේ මූන්ව ගත්ත නිසා දැන් ජන්කුක්ව ඕනෙ කියලා බෙරිහන් දෙන ලුසිෆර්ව සන්සුන් කරන ගමන්ම ටේ පොඩි එකෙක් වගේ නහයෙන් අඩන ජන්කුක්වත් සන්සුන් කරන්න උත්සාහා කරා.





"ඔයා දැන් කියන්නෙ මං බොළඳයි කියලද? එතකොට මේ warewolf ලෝකෙ next queen බොළඳයි කියලද කියන්නෙ? ඔයා නාකි උනාට මං පලිද ඇල්ෆා? අහ්?"





ජන්කුක් පිස්සු හැදිලා වගේ කියවන දිහා කිසිම තේරුමක් නැතුව කට ඇරන් බලන් ඉන්නවා ඇරෙන්න ටේට වෙන කරන්න පුලුවන් දෙයක් තිබුනෙ නෑ.




ටේ ජන්කුක්ගෙ කඳුළු පිහදාන්න හැදුවත් ජන්කුක් ඒකටත් ටේට ගොරවගෙන කන්න පැන්නා.




ඒ මදිවට ජන්කුක් හුරතල් නිසා එයාගෙ නහය හපලා මූන මිරිකලා පෙරලගෙන ඉඹිමු කියලා ලුසිෆර් ටේගෙ ඔලුව කන්න පටන් අරගෙනත් තිබුනා.




"කුකී, අපි දැන් මාලිගාවට යමු මගේ ඔමේගා පැටියො, අපි ගිහින් කෑම කමු"




"වෙනදට රෑ එලි වෙනකන් මාව කන්න හදන ඇල්ෆාට අද රෑට කන්න ඕන වෙලා නේද? හරි යමුකො, යමු නෙමෙයි මං යනවා ඔයා එන්න, ගිහින් මං මගේ කුටියට යනවා, ඇල්ෆාත් ඕන මගුලක යන්න"




Crused Alpha & Tiny Omega ✅Opowieści tętniące życiem. Odkryj je teraz