𝗖𝗵𝗮𝗽𝘁𝗲𝗿 02

100 11 0
                                    

මැන්ශන් එකේ මගේ රූම් එක හොයාගෙන කෙලින්ම වොශ් එකක් දාන්න ගියත් එකපාරම නැවතුනේ එක දෙයක් දැක්ක නිසා.......
.
.
.
.

Jk - Babyy...... 🥺 මාව මතක් වෙනවද බන්.....

රූම් එක ඇතුලට ගියපු ගමන්ම ඇස ගැටෙන රූපේ දිහා බලාගෙන තනියම මුමුණපු ජංකුක් ඇදේ හාන්සි උනේ ආයෙමත් මනෝ ලෝකෙට යන්න හිතාගෙන ...... මොකද ජංකුක්ට , එයා එක්ක තමන් කැමති විදිහට ඉන්න පුලුවන් උනේ එතන විතරක් නිසා............ 🙃
( දැන් අහන්න එපා එයා හිතුවේ මොනාද කියලා.. එව්ව මන් දන්නෑ 😁)

මෙච්චර දරුණු මාෆියා ලීඩර් කෙනෙක් කවුරුත් නැති වෙලාවට මේ තරම් විදවන චරිතයක් වෙන්නෙ ඇයි කියලා ඔයාලා හිතනවා ඇති නේද ?? ඔයාලටත් ඉවසන් ඉන්න බෑනේ ඉතින් , මේ හැමදේටම ප්‍රධාන හේතුව උනේ ජේකේ ගේ පවුලේ අය....

𝗔𝘂𝘁𝗵𝗼𝗿 𝗽𝗼𝘃 ,

ජෝන් ජංකුක් කියන්නේ මධ්‍යම පාන්තික පවුලකට ඉපදුනු මුරණ්ඩු කොල්ලෙක් . එකම එක අයියා කෙනෙක් හිටියත් එහෙම කෙනෙක් නැති ගානට ජීවත් වෙන්න ජංකුක් පුරුදු උනේ පවුලේ අයගේ වැඩ නිසාමයි . ජොබ් එකක් නොකරම ලමයි මත්තෙම නැහුන අම්ම කෙනෙක් ඉන්න ජංකුක්ගේ තාත්තා බිස්නස්මන් කෙනෙක් . ඒත් බිස්නස් කරනවා කියනවට වඩා යන යන තැතින් කෙලවගන්නවා කියලා කිව්ව නම් හරියටම හරි .

අයියාගේ ඕනෑ එපාකම් හැමදෙයක්ම ඉල්ලන පමාවට ලැබුනත් ජේකේට සිද්ධ උනෙ ඒ දේවල් දිහා බලාගෙන ඉන්න විතරයි . ජේකේ ගේ එකම නිදහස් තැන උනේ ස්කෝලේ . මොකද කාගෙන්වත් බැනුම් අහන්නේ නැතුව , පැය හයකට හරි හිතේ හිර වෙලා තියෙන හැමදේම අමතක කරලා යාලුවෝ සෙට් එකත් එක්ක පිස්සු කෙලින්න පුලුවන් නිසා. ඒත් ඒකත් නැති වෙන්න ගියේ හරිම පොඩි කාලයක්........

𝗔𝘂𝘁𝗵𝗼𝗿 𝗽𝗼𝘃 𝗲𝗻𝗱 .

ඔය විදිහට ටික වෙලාවක් මනෝ ගහගෙන හිටපු ජේකේ වොශ් එකක් දාගෙනම හවස හයට විතර ක්ලබ් එකට යන්න ලෑස්ති උනා. සමහරක් දවස් වලට ජැකීවත් එක්කගෙනම ක්ලබ් ගියත් අද ජේකේ ගේ මූඩ් එක අවුල් වෙලයි තිබුනේ. ඒ නිසාම ගාඩ්න් එකේ හිටපු ජැකීට හෝන් කරගෙනම ජංකුක් ගේට් එකෙන් ඉස්සරහට ඇදුනා.

𝑫𝒆𝒗𝒊𝒍'𝒔 𝑩𝒂𝒃𝒚 𝑩𝒐𝒚 💜🖤Where stories live. Discover now