උදේ ඉදන් මේ වෙනකල්ම වැඩ කරලා මහන්සි වෙලා හිටපු මම කැෆේ එක ලගම හෝල්ට් එකේ ඉදන් පාර දිහා බලන් හිටියේ මේ රූට් එකේ යන අන්තිම බස් එක එනකල්.......මං ගැන කියන්න බැරි උනා නේ..... මන් තේහ්‍යුන්ග්..... කිම් තේහ්‍යුන්ග්.... අවුරුදු විසිහතරක් වෙච්ච මං මේ වෙද්දි චයිනා වල තියෙන පලවෙනි හොදම යුනි එක වෙච්ච ශැංහයි යුනිවසිටි එකේ හතරවෙනි වසරේ ඉගෙන ගන්න කොල්ලෙක්...... දැන් නම් යුනි යන්නේ නෑ... තව සති දෙකහමාරකින් වගේ graduate වෙන්න බලාගෙනයි ඉන්නෙ..... ඒත් සල්ලි ගෙවලා මේකට ගියා කියලා නම් හිතන්න එපා... අපේ පවුලේ අය මන් වෙනුවෙන් එච්චර දෙයක් කරයි කියලා හිතන්න බෑ... අක්කා කෙනෙක් වගේම නන්ගි කෙනෙක් ඉන්න පවුලේ දෙවෙනියාගේ චරිතෙට හිටියේ මම... අම්මගෙයි තාත්තාගෙයි සම්පූර්ණ අවධානේ එ දෙන්නා මත යැපුන නිසා මන් ගැන හොයන්න කාටවත් වැඩි උවමනාවක් තිබ්බෙ නෑ...... ඔය දේ නිසාම මහන්සි වෙලා පාඩම් කරපු මන් high school එකේ අවසාන විභාගෙන් උපරිම ළකුණු ගත්ත නිසා ශිෂ්‍යත්වෙකින් මෙහෙට ආවා...... ගෙදරින් නිදහස් වෙලා මෙහෙට ආවා උනත් මට එහෙ දාලා එන්න බැරි එක දෙයක් තිබ්බ....... අපි highschool එකේ අවසාන අවුරුදු දෙකේ මුලදිම වගේ හිතුවේ වත් නැති ප්‍රශ්නයක් කඩන් පාත් උනා නේ....මාව මගෑරලා එයාට තනිවෙන්න ඕන උනාදෝ කියලා වෙලාවකට හිතෙනවා..... ආයිශ් මන් හිතනවා වැඩී.......
ඔය එන්නේ මගේ බස් එක..... දැන් ඉතින් ගෙදර යනකල් සින්දුවක් අහගෙන යන්න තමා තියෙන්නෙ...... වැඩ කරනවා කියන එකත් ලේසි නෑ.. ගෙදරින් ආවත් හරි ජීවත් වෙන්න කොච්චර මහන්සි වෙන්න ඕනද කියලා තේරුන් ගියේ මෙහෙම වැඩ කරද්දි තමා...... අන්තිම බස් එක හින්දා වැඩි සෙනගකුත් නෑ... දෙතුන් දෙනෙක් ඉන්න බස් එකේ අන්තිමට තියෙන ශීට් පේලියම හිස් නිසා මන් ගිහින් ජනේලේ අයිනෙම ඉදගත්තා.... හීනියට වැස්සකුත් පටන් අරගෙන තියෙන නිසා එලියේ හුලගත් ටිකක් සීතලයි..... ඒත් මට ජනේලේ වහන්න හිතුනෙත් නෑ..... මූනට වැටෙන වැහි බිංදු වලින් අමුතු සනීපයක් දැනෙනවා... හැමදාම වගේ අදත් headset එක දාගත්ත මන් playlist එකත් shuffle කරලා ඇස් දෙකත් පියාගෙන ශීට් එකට බර උනේ මනෝ පාරක් ගහන්න......
YOU ARE READING
𝑫𝒆𝒗𝒊𝒍'𝒔 𝑩𝒂𝒃𝒚 𝑩𝒐𝒚 💜🖤
Fanfictionපලිගැනීමෙන් අන්ධ උනු මාෆියා ලෝකයේ රජු 💀😈 ඒ දඩබ්බර හිත පාලනය කරන්න පුලුවන් අහිංසකයෙක් 💜🖤 අප්රකාශිත ප්‍රේමයක් නිසා විදවන්න වුනු ජීවිත දෙකක් 🥺😓 කාලයත් එක්ක හැමදේම විසදෙනවා නම්.......................