"ආන්යා..?""හ්ම්.."
"නෑ මේ..නිකම්.."
"හ්ම්..මොනහරි කියන්න තියෙනව නං කියන්න විරාශා.."
"හ්ම්.."
"හ්ම්.."
"ඇයි අපිට ඉස්සර වගේ ඉන්න බැරි ආන්යා?ඒ සතුට පිරිච්ච දවස් මතක් වෙද්දි ඔයාට ලෝභ නැද්ද?"
"ඇයි දැන් ඔයා සතුටෙන් නෙමේද ඉන්නේ?"
"මං ප්රශ්නයක් ඇහුවේ ආන්යා..ඒකට උත්තරයක් දෙන්න.."
"නෑනෑ මට ලෝභ කමක්නෑ..දුකකුත් නෑ.ඒ අතීතේ විරාශා.."
"හරි එහෙනං ඔයාට මියුසික් හරි මාව හරි තෝරගන්න කිව්වොත්?"
"විරාශා මොනවද මේ අහන දේවල්?"
මම ඒ වෙලේ හිටියේ මගේ මියුසේක් වැඩක් කරකර.ඒ වැඩේ නතර කරලා මම විරාශා එක්කම එයා ගාවින් බිම ඉදගත්තා..
"මට කියන්න ආනී..ප්ලීස්.."
"විරාශා...?ඇයි මේ..ඔයා දන්නව මට ඔයා වගේම මියුසිකුත් වටිනව කියල..සෝ වට්ස් දිස් ආ?"
"ඒ කියන්නේ ඔයාට උත්තරයක් නැද්ද ආන්යා?ආහ්?කියනවා මට.."
විරාශා මාව තල්ලු කරල දැම්මා.
"මොකද්ද මේ විකාරේ විරාශා?මොනවද මේ කියවන්නේ ආ?මට නං දැන් ඇති වෙලා"
"ඇති වෙලා ?හහ්?! එහෙනං නතර කරමු.."
විරාශා ගේ ඇස් කදුලූ වලට දිලිසුණා.
"නතර කරන්න නෙමෙයි මං ඔය අත අල්ලගත්තේ විරාශා..ඔයාගේ ඔය මනස් ගාත ඔලුවෙන් අයින් කරගන්න ප්ලීස්"
මම එතනින් නැගිටලා ආයෙම මම වැඩ කරකර හිටිය තැනට ආවා.
"තමුන්ට නං මොකද?ඔයා දන්නවද මම උහුලන ගින්දර ආන්යා?නෑනෑ..ඔයා හැමදාම හිතුවේ ඔයා ගැන විතරයි..මමයි මෝඩ උනේ ඔයා මට ඇත්තටම ආදරෙයි කියල හිතාගෙන..එලියට ගියත් වැඩට ගියත් මිනිස්සු අහනවා ඔයා කවුද මම ඔයාගේ කවුද කියල??උන්ගේ ජරා කතා වලින් මගේ කන් පිරිලා..ඔයාට මොකද ඉතින් "
"ඔයා කෙලින්ම කියන්න අපි ලවර්ස්ලා බදින්නයි ඉන්නේ කියල..ඇයී ඔයාට ලැජ්ජද අපේ සම්බන්ධේ ගැන ආ?මම නෙවෙයි ඔයයි ආත්මාර්ථකාමී විරා..ප්ලීස් මේක දැන් නවත්තන්න මට තව රණ්ඩු කරන්න ඕන නෑ මේ ගැන..ඔයාට ඕනෙ නැත්තම් යන්න එච්චරයි..ඔයාව අල්ලගෙන නෑනේ කවුරුවත්"