" May i have ur passport please sir
" Yeah. Sure.
තම සේවිකාව සමඟ රැකියාවද කරගනිමින් කෙසෙ හෝ අමීශා නොමැතිව මාසයක් තම දරුවාගේ වගකීම් නිසි ලෙස උමාල් ඉටු කලේය.. නමුත් එය බොහෝ වෙහෙසකාරීය.. සෑම දිනකම තම මව රාත්‍රියේදි ලබා දෙන ඇමතුම හා බිළිඳියගේ සිනහව පමණක් ඔහුගේ ජිවිතයේ සැනසීම විය.
උමාල් කැනඩාවේ ප්‍රමුක පෙලෙ සමාගමක senior software engineer වරයෙකි.. එය බොහෝ බාරදූර කර්තව්‍යකි.. මිල මුදල්වලින් කිසිදු කරදරයක් නොමැති ඔවුන්ගේ නිවස වුවද සුඛෝපභෝගී තත්වයේ පැවතිනි.. තනි වූ සෑම විටම උමාල් කල්පනා කලේම මේ නිවසේ අමීශාට නොමැති වූයේ කුමක්ද යන්නයි...
දරුවකු ලැබීමට සිටිනා බව දැන ගත් මොහොතේ සිටම ඔවුන්ගේ විවාහය දෙදරා යෑමේ ලකුණු පහළ විය.. අමීශා යනු බොහෝ කෙලිලොල් තරුණියකි.. විවාහයට පෙර ඈ ගත කලේම ඉතා නිදහස් ජිවිතයකි... ඇයගෙ පියා ශ්‍රී ලංකාවේ රජයේ lawyer කෙනෙකි.. මවද යහපත් ගැහැණියකි.. අමීශාගේ හා උමාල්ගේ විවාහය සිදු වන්නේද යෝජිත විවාහයක් ලෙසයි.
අමීශා මෙලෙස වෙනස් වීමට ප්‍රධානම හේතුව ලෙස උමාල්ට අවසානයේ පෙනුනේ ඈව රැගෙන කැනඩාවට ඒමයි.. තමා බොහෝ විට නිවසේ නොරැදුනද අමීශා පිළිබද සොයා බැලීම ඔහු සැමවිටම කලේය. මුල් කාලයේදි ඈ නිවසේම රැඳුනද උමාල් සමඟ රාත්‍රියේදි ඇවිදීමට සමහර දිනෙක ගියේය.. කෙමෙන් කෙමෙන් කැනඩාව ඈට හුරු වී ඈගේ ලාංකික ගැහැණියකගේ ලක්ශන සීඝ්රයෙන් යටපත් ව ගොස් උපන් දා සිට කැනඩාවෙ වැඩුනු ගැහැණියක් බවට පත් විය.. උමාල් මෙයට කිසිවක් නොකියා සිටියේ විලාසිතා පිළිබඳ ඇල්මක් ඔහුටද තිබූ නිසාවෙනි..
අවුරුද්දක් ගත වීමටත් මත්තෙන් අමීශා ස්ටීව් නමැති පුද්ගලයකු හා රහස් ඇසුරක් පවත්තා ගෙන යාම ආරම්භ වුවද ස්ටීව් ඕස්ට්‍රේලියාවට ඔහුගේ ව්‍යාපාර කටයුතු සඳහා ඒ කාලයේම පිටත්ව ගියේ ඔවුන්ගෙ සබඳතාව දුරකතන ඇමතුම් ඔස්සේ පවත්තවා ගනිමිනී..
මේ කාලය වන විට උමාල් හා අමීශා අතර කිසිදු කායික බැඳීමක් සිදු නොව්නද අමීශා රාත්‍රි සමාජ ශාලාවකට ගොස් හිතු සේ මත් වතුර පානය කොට පැමිණි දිනක උමාල් ඈ වෙත දැක්වූ කෝපයේ ප්‍රතිඵලය මේ වන විට උමාල්ගේ ඇකයේ සුවසේ නිදාගෙන සිටියි.
YOU ARE READING
••• ආශාවරී •••
Romanceඅයිතිය ප්‍රේමයක් කරගත් මිනිසුන්ද.. ප්‍රේමය අයිති කරගත් මිනිසුන්ද.. ප්‍රේමයට පමණක් අයිතිය කියන මිනිස්සුන්ද.. ප්‍රේමයක් නැතුවම අයිතිය කියන මිනිස්සුන්ද අතර.. මම නුඹට අයිතියක් නැතුවම ප්‍රේම කරමි.. ✨ • 2024 | 05 | 08