5•

13 2 0
                                    

කාලය ගත වන්නේ හීයක වේගයකිනි... උමාල් සංගීත පන්තියට පැමිණ වසරකට වැඩිය.. ඔහුට ඉතා මිහිරිව වයලීනය වාදනය කිරීමට දැන් හැකිය.. එසේම උමාල්ගේ කටහඬද ඉතා ගැඹුරු නමුත් ස්තාවර එකක් විය... උමාල් ඉගෙනීමට දක්ශය.. සෑම වාරයකම ඔහු පන්තියේ පළවෙනියාය..

" ඔයාලගෙ විභාගෙ ලබන සතියේ.... එ නිසා මේ ටිකේ ප්‍රැක්ටිස් ටිකක් වැඩි කරමු නේ...

" ඔව් ඒක හොඳයි සර්...

ඒ චමෝද්ගේ පිලිතුර විය. ඔවුන් මෙ දිනවල භාත්කණ්ඩේ සංගීත විභාග සඳහා පුහුණු වන්නේය... සැවොම එක හා දක්ශ වීම ගුරුතුමාගේ දක්ශතාවම පමණක් නොව සිසුන්ගේද උනන්දුව බව කිව යුතුමය.

"එහෙනම් රෙස්ට් එකක් ගන්න.. විනාඩි 20 පටන් ගමු...

පැදුරු වල සිටි සියල්ලෝම නැගිට ඇඟපතේ හිරි හැරියේය... එනමුත් අශාවරී එසේමය. උමාල් හා ආශාවරී අතර මේ වන විටත් විශාල බැඳීමක් නොමැත... ආශාවරි කවදත් එකතු චමෝද් සමඟය. මේ දින කිහිපයේම ආශාවරීගෙ මුහුණ අඳුරු වළාකුළක් මෙන් දුක්බරය.. එයට හේතුව උමාල් නොදනී.. ඔහුට එය විශාල ප්‍රශ්නයකි. අශාවරී සැබැවින්ම දඟකාර කටකාර ක්‍රියාශීලි දරුවෙකි... මේ දින වල ඇගේ කියාව බෝහෝ මන්දගාමීය.. දඟ වැඩ නැත.. බජව්ද නැත.. කෑ ගසන්නේද නැත.. රණ්ඩු වන්නේද නැත.. පන්තිය මුල්ලක හිඳ ගන්නා ඈ තම පාඩුවේ වයලීනය සමඟ තනිවේ... උමාල් සිතුවේම ඈ විභාගයට බිය වී ඇති බව වුවද ඈට සියලුම රාග කටපාඩම් ය. වාදනයේද අඩුවක් නොමැත... තාලයෙන් පිට යන්නේද නැත..

" ආශු... කන්න යන්

" හුම්ම්ම්

චමෝද්ගේ අතේ එල්ලෙනා ආශාවරී සැවොම සමඟ පන්තිය ඉදිරිපිට ඇති ඩෙවෝන් එකට ගොස් තමා කැමතිම ස්ටෝබෙරි මිල්ක්ශේක් එකක් රැගෙන බීමට පටන් ගනී... ඈ කෑමට හොරය. බීම එකකින් පමණක් ඈ බඩ පුරවාගනී... වෙනදාට මෙහි එන විට පාර දිගට සිනහා කතා රාශියකි.. ඒත් අද ඈ නිහඬය.. තම සැන්ඩ්විච් එක අතේ තබාගෙන උමාල් ඈ දෙසම තම දෙනත රඳවා ගත්තේය.

ඩෙවෝන් එකෙ ක්ලාස් ළමුන් ඉතිරි ගොස් ඇත. අද සෙනසුරාදා වීම හා මහනුවර යනු කවදත් ජනාකීර්ණ නගරයක් වීම එයට හේතුවයි. තමන්ගේ පාඩුවේ බීම එක බිබී හුන් ආශාවරී එක වරම ගැස්සි ගොස් දෑස් විශාල කර දොර දෙස බලා සිටියේය.. ඇගේ දෑත් සෙමෙන් වෙව්ලන බව දුටු උමාල් ඉක්මනින් දොර දෙස හැරි බැලුවේය... එහි සිටියේ පිරිමි ළමුන් පිරිසකි.. ආශාවරී කාට කුමකට බය වුනේද යන්නෙ උමාල්ට ගැටළුවකි..

••• ආශාවරී ••• Where stories live. Discover now