මේ සන්සාරේ සිහිනේ මේ....
ආදරනීයම මතකේ වූ....
දෑසේ ගෑවූ සෙනෙහේ මේ
මා හැරදා සුලගේ පාවූහිනාව මියැදී තරු නිවුනලු
දෑලෙ වලාවන් යලි නෑලූ
ආදරේනම් කවුරුන් වේදෝ
මා තරමින් ඔය සිත සෑදූ...උමාල්ගේ පන්තියේ සියල්ලන්ටම ඔවුන්ගේ භාත්කණ්ඩ සංගීත විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ හෙට දවසේ පැවැත්වේ... එ නිසාම ඔවුන්ගේ පුහුණු වීම අද උදෑසන සිට පවත්වන බව සුපුන් සර් දැන්වූයේ ඊයේ රාත්‍රියේය. උදෑසන 8 පන්තිය ආරම්භ වන බව එහි සඳහන් විය.. කිසි දිනෙක සෙනසුරාදා උදේ 11 වන තුරු පන්ති නොයෙන අශාවරී අද අනෙක් සියල්ලටත් ප්‍රතමව පන්තියේ සුපුරුදු අසුනේ සිටී.. එයට ප්‍රධානම හේතුව සුපුන් සර් ආශාවරීගේ නිවසටම දුරකතන ඇමතුමක් දී ඈව වෙලාවට එවන ලෙස පැවසීමයි.. ආශාවරීට පසුව පන්තියට පැමිණි උමාල්ට ඇසුනේ සිහින් මිහිරි හඩකින් පන්තිකාමරයේ සිට ගීයක් මුමුණන ආශාවරීගේ කටහඬයි..
පපු තුරින් මුව තියන් අහන් ඉන්නට එපා
කියන්නට දෙයක් නෑ ඉතුරිවී මට කියා
මගෙ සිනා ඔබගෙ
මගෙ කතා ඔබගෙ ලග තියගන්න ආදරෙන්
දෑසේ ගෑවූ සෙනෙහේ මේ
මා හැරදා සුලගේ පාවූ
ආදරේනම් කවුරුන් වේදෝ
මා තරමින් ඔය සිත සෑදූපන්තියේ දොරෙන් යන්තන් ඔළුව දැමූ උමාල් දුටුවේ තම වයලීනය පිස දමමින් ගීයක් මුමුණන ආශාවරීය. උමාල් දුටු ඈ ගීතය නොනවත්වාම ඔහුට සුහද සිනහවක් පෑවේය.
මෙම ගීතය උමාල්ගේ ප්‍රියතම එකක් විය.. තමා පැමිණි නිසා ආශාවරී දිගටම එම ගීය ගායනා නොකිරීම නිසා උමාල් එහි ඉතුරු කොටස සෙමෙන් මිමිණුවේය..
උමතුවක් වී සදා සැනසි මගෙ සෙනෙහසින්
සමු අරන් දුර ගියා හදට ලන් වී හිදින්
මගෙ සිනා ඔබගෙ
මගෙ කතා ඔබගෙ ලග තියගන්න ආදරෙන්
දෑසේ ගෑවූ සෙනෙහේ මේ
මා හැරදා සුලගේ පාවූ
ආදරේනම් කවුරුන් වේදෝ
මා තරමින් ,
ඔය සිත සෑදූ...." අයියා ආසද ඒකට
" හ්ම්ම්
" ලස්සනයි නේ
" හ්ම්ම්
" මට ගුම්මෝනිම් කියන්නෙ නැද්ද
" ගුඩ් මෝනින්
YOU ARE READING
••• ආශාවරී •••
Romanceඅයිතිය ප්‍රේමයක් කරගත් මිනිසුන්ද.. ප්‍රේමය අයිති කරගත් මිනිසුන්ද.. ප්‍රේමයට පමණක් අයිතිය කියන මිනිස්සුන්ද.. ප්‍රේමයක් නැතුවම අයිතිය කියන මිනිස්සුන්ද අතර.. මම නුඹට අයිතියක් නැතුවම ප්‍රේම කරමි.. ✨ • 2024 | 05 | 08