7•

13 1 0
                                    

" පුතේ.....

අවුරුදු 15 ක ටත් වඩා පැරණි මතක ගොන්නක් අස්සෙ සිර වී හුන් උමාල් මවගේ හඬින් මේ ලෝකයට ආවේය

" අහ් අම්මේ....

" ඇයි මෙතන...

" නෑ නිකන්.... ඇයි අම්මා.... දූ අඬනවද...

" ම්ම් නෑ... අමීශා දුවගෙ අම්මලා ඇවිත් පුතා

" හ්ම්ම්.. මම මොකද අම්මා කරන්න ඔනි

" ඔයා ඉස්සර වගේ මුරණ්ඩුකමට හිටියා නම් එකක් පුතේ... පුතාගෙ මෙ ජිවිතේට සම්පූර්ණයෙන් වැරදි මායි අප්පච්චි...

දෑසේ ගුලි වූ කඳුලු පොදියක් සමඟින් වජිරා පැවසුවේ කනස්සල්ලෙනි.

" අම්මලා මොනා කරන්නද... මේවා මගේ දෛවය... එච්චරයි.... කෝ කඳුලු පිහදන් පහළට යන්න... මම එන්නම්.. හ්ම්ම්

මවගෙ කීම සැබෑය... කසාඳයට පෙර උමාල් තරම් දරබ්බර හිතුවක්කාරයකු පෙර නොවීය... නමුත් දැන්.. එය සැබවින්ම වෙනස් වී ඇත... ඇඳ උඩ තිබූ ටී ශර්ටය ඇඳගත් උමාල් පහළ මාලයට ගියේය...

කේශාලි අමිශාගෙ මවගේ අතේ සිටීමම උමාල්ගෙ හදවත කීරි ගැසීමට සමත් විය.... අම්ශා කෙසෙ උවද.. කේශාලි යනු තම ප්‍රාණයයි... අමීශාගෙ මවගේ ඇකයේ උන් කේශාලිව තම අතට ගත් උමාල් ඔවුන්ට ඉදිරියේ ඉද ගත්තේම ඈව කවදාක හෝ ඔවුන්ට ලබා නොදෙන බවට ඉඟියක්ද ලබා දෙමිනි.

" පුතා...

" කියන්න අන්කල්..

අමීශා යනු සමරදිවාකරගේ එකම දියනියයි.. සමරදිවාකර හා උමාල්ගෙ පියා ගජධීර යනු පාසැල් කාලයේ සිටම මිතුරෝය... ඔවුන්ගේ තිබූ මිත්‍රත්වය මත ගෙන ආ යෝජනාවක් ලෙස උමාල්ගෙ හා අමීශාගේ කසාඳය සිදු විය..

" අපට සමාවෙන්න පුතා...

" අමිශාගෙ වැඩ වලට අන්කල්ලා මගෙන් සමාව ඉල්ලලා වැඩක් නෑ....

අමීශාගෙ මව කඳුලු වගුරවමින් කතාව ආරම්භ කලේය...

" මේවා අපේ වැරදි පුතේ... දුවව මේ විදිහට හදපු අපී වැරදි.. දෙවියනේ... මොකද්ද මේ කෙල්ල අපිට කලේ.....

".........

උමාල් එයට කිසිවක් නොකිව්වේය.. වජිරා අමිශාගෙ මව වත්තම් කරගෙන නිහඬව උමාල් දෙස බැලීය...

••• ආශාවරී ••• Where stories live. Discover now