කෝපි පාට ආදරේ

253 20 0
                                    

"මේ කිංකිණිත් එක්ක හැප්පෙන්න ආවොත් ඔන්න ඕක තමයි වෙන්නේ සිතුමිණි!"

සිතුමිණි නම් යුවතියගේ කොපුලක තම අතැඟිලි රත් පැහැයෙන් සලකුණු තබද්දී කිංකිණි සිටියේ අතිශයින්ම කෝපයෙනි. තවමත් සරසවියේ දෙවෙනි වසරේ ඉගෙනුම ලැබුවත් කිංකිණිගේ සමහර ක්‍රියා කලාපයන් හට ජේෂ්ඨ උත්තමයන් පවා පළ කළේ අප්‍රසාදයකි. එනිසාම වන්නට ඇති ඔවුන් ඇයට 'නැට්ටිච්චි' නමින් කාඩ් එකක් දමා තිබුණේ.

කෙසේ නමුත් සිතුමිණීට තඩි බෑමට හේතුව වූයේ නම් සිතුමිණි නම් වූ යුවතිය විසින් කිංකිණිගේ දුරකතන අංකය විහිළුවට මෙන් මෙම මාසයේ සරසවි මැගසීනයට එක් කර තිබුණු අතර, කිංකිණිට විවිධ දේ අසමින් පැමිණෙන විවිධාකාර දුරකතන ඇමතුම්වල නිමාවක් නොවීය. මේ අතර අසැබි වදන්වලින් ද ඇයව කීප දෙනෙක් ඇමතූ අතර, ඇය ද පෙරළා ඔවුන්ට එම භාෂාවෙන්ම සලකන්නට අමතක නොකළාය.

ඉතිං, සිදුවූ දෙය සොයාගත් පසු ඊට හැකි ඉක්මනින් ප්‍රතිචාර දක්වන්නට කිංකිණි ප්‍රාර්ථනා නොහොත් නැට්ටිච්චි පසුබට වූයේ නැත. එනිසයි ඈ සිතුමිණි පසුපස හඹා ආවේ. සිතුමිණි දිව විත් නැවතුනේ සරසවියේ මාධ්‍ය අංශයේ යි. නමුත් සිතූ අයුරින් ඇයට බේරීමට නොහැකි විය. කොපුල පැලෙන්නට තරම් රිදුම් දුන් පහරක් ලැබුණේ ගිනි ගෙන දැවෙමින් පසු වූ කිංකිණිගෙනි.

"මේකි නම් කෙල්ලෙක් වෙන්න බැහැ නේද අයියේ.. මහ යස්ස ගෑනියෙක්නේ" මේ සමඟම මාධ්‍ය ඒකකයේ කොල්ලෙක්ගේ කුරු කුරුවක් ඇසුණෙන් කිංකිණි තවත් ඇවිළුණාය.

"මොකක් ද තමුසේ කිව්වේ? තමුසේ රුවේන් නේද? කාඩ් එක බිංකුංඩා! කෝ..! ඔතන තව කවුද ඉන්නේ...? ඔක්කොම එනවා එලියට!"

කිංකිණිගේ හඩින් මාධ්‍ය ඒකකයම දෙදරද්දී රුවේන් නම් වූ තරුණයා අසල සිටී අනික් තරුණයන් කීප දෙනා ද තරමක් කලබල ව ඇයට පෙනෙන පරිදි මුහුණු පෙන්වූවේ කිංකිණි කට කොනින් හිනාවෙද්දීයි.

"තමුසෙලා කවුද? රුවේන් මුන් කවුද?"

රුවේන් ගල් වී මෙන් බලා සිටියේ කිංකිණි අසල ඇති මයික්‍රපෝනයෙන් තම හිසට ගසයි යැයි දැනුනු බිය හදවත පතුලේ ගැහෙද්දීයි.

Kopi Paata Adare | කෝපි පාට ආදරේ ✓Where stories live. Discover now